විශ්‍රාමික මන්ත්‍රීවරුන් ජාත්‍යන්තර සහය පතයි විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණයට විරුද්ධව ලබන සතියේ සිට දැඩි විරෝධතාවක් ආරම්භ කිරීමට යන බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව පවසයි.
මොවුන් මේ සදහා පසුගිය සතියේ ජනාධිපතිවරයා දැනුවත් කිරීම ලිපියක් ද යොමු කර තිබේ.
එමෙන්ම විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව එක්ව ජිනීවා මානව හිමිකම් සංවිධානය, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සහ යුරෝපා පාර්ලිමේන්තු සංගමය වැනි ජාත්‍යන්තර සංවිධාන කිහිපයකට සහ ඉන්දීය රජයට විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණය පිලිබදව පැමිණිලි ඉදිරිපත් කර ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ද මෙම තීරණයට විරුද්ධව අධිකරණයට යෑමට සූදානම්ව සිටියි.
විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුවේ ලේකම් ප්‍රේමසිරි මානගේ මහතා රජය රාජ්‍ය සේවකයන්ගේ වරප්‍රසාද සඳහා ද අත තැබීමට ඉඩ ඇති බව පවසන අතර මෙම තීරණය “ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක්” බව පවසයි.
Be First to Comment