Press "Enter" to skip to content

චිචීගේ රොකට්ටුව ගැන හරිනි කියන්නෙත් ඇත්ත

චිචීගේ රොකට් එක ගැන පළමුවෙන්ම කතා කළේ රනිල් වික්‍රමසිංහ ආණඩුවේ තිස්ස අත්තනායක මහතා බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දේවනන්ද සුරවිර මහතා සඳහන් කරයි.

ඉන් අනතුරුව සජිත් ප්‍රේමදාස, චම්පික රණවක ආදින්ද මෙම රොකට්ටුව ගැන අදහස් පළ කළ බවත් හෙතම පැවසුවේය.

ජාතික ජන බලවේගය මේ සම්බන්ධයෙන් සොයන්න පටන් ගත්තේ ඉන් පසුව බවත් හෙතෙම කියා සිටී.

කෙසේ වෙතත් මෙය බොරුවක් නොවන බවද පැවසූ ඔහු ඒ සම්බන්ධයෙන් හොඳ ආරම්භයක් ගැන ලබා දී ඇති බවත් ඊට අදාළ පරීක්ෂණ සිදු කරන බවත් ඔහු පවසයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරනි අමසූරිය මහත්මියත් ඇමති වසන්ත සමරසිංහ මහතාත් දෙදෙනාම ඇත්ත කියන බවත් ඔවුන් කිසිවකු බොරු කියන්නේ නැති බවත් හෙෙතම තවදුරටත් කියා සිටියේය.

වැඩසටහනකට සහභාගි වීමට අනතුරුව මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *