Press "Enter" to skip to content

මහජනතාව සෑහීමට පත්වන ආකාරයේ සේවාවක් දෙන්න අපට බැරි වෙලා

මහ ජනතාව සෑහීමට පත්වන ආකාරයේ සේවාවක් ලබාදීමට තමන් අසමත්ව ඇතැයි මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

“තැන තැන වෙඩි තැබීම් සිද්ධ වෙනවා. සංවිධානාත්මක අපරාධ වේවා, වෙනත් අපරාධ වේවා, මේ සියල්ලෙන් මිනිස් ජීවිත සහ දේපළ අහිමි වෙනවා. පොලිසියේ වගකීම වන්නේ මේ අපරාධ මර්දනය කර ජනතාවට සතුටින් ජීවත් විය හැකි සමාජයක් නිර්මාණය කිරීමයි.

“පොලිසිය නිදිද?” අසමින් ඇතැම් අය WhatsApp පණිවුඩ එවන බවත් සාධාරණය සහ යුක්තිය ඉටු කිරීමට ප්‍රමාද නොවිය යුතු බවත්, එසේ වුවහොත් ගැටලු සෝචනීය ලෙස අවසන් වන බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

එවැනි සිදුවීම් සඳහා සමාජය තුළ ඕනෑ තරම් උදාහරණ ඇති බවද පොලිසිය තම කාර්යය නිසි ලෙස ඉටු නොකරන සෑම අවස්ථාවකම දෝෂාරෝපණ එල්ල වන බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියි.

මහියංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *