මිහින්තලේ අනුලා සෑය ප්‍රතිසංස්කරණ කටයුතු වලදී පසුගිය රජය සමයේදී බරපතල අක්‍රමිකතා සහ දූෂණ සිදුව ඇති බව මිහින්තලා රජමහා විහාරාධිපති, පූජ්‍ය වලවා හැංගුණු වැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරති.
ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී පමණ විහාර මහා දේවිය විසින් මෙම චෛත්‍යය ඉදිකර ඇති බව ඉතිහාසයේ සඳහන් වේ. ඉන්පසුව කාලයත් සමඟ ක්‍රමයෙන් අබලන් වූ මෙම චෛත්‍යය, විවිධ රජයන් විසින් වරින් වර ප්‍රතිසංස්කරණය කර ඇත.
2022 වර්ෂයේදී සිදුකළ කැණීම් වලදී, චෛත්‍යය තුළ තිබී පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ගල් මංජුසා ඇතුළු භාණ්ඩ රැසක් හමුවී ඇති බව උන්වහන්සේ සඳහන් කරති.
කෙසේ වෙතත්, මෙම භාණ්ඩ අතුරුදන්ව ඇති බවට උන්වහන්සේ චෝදනා කරති.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් සිදුකරන ලෙස ද උන්වහන්සේ ඉල්ලා සිටී.
Be First to Comment