Press "Enter" to skip to content

උසස් පෙළ එක් විෂයකට 15ක් නැත්නම් උසස් පෙළ අරඹන්න එපා

කලාප අධ්‍යාපන කාර්යාල විසින් උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සඳහා පනවා ඇති දැඩි කොන්දේසි හේතුවෙන් විදුහල්පතිවරු සහ සිසුන් බරපතල ගැටළු රැසකට මුහුණ දී සිටිති.

මෙම තත්ත්වය, අධ්‍යාපනය ලබන සිසුන්ගේ අනාගතය කෙරෙහි සෘජුව බලපාන බව දෙමාපියන්ගේ අදහසයි.

එක් විෂය ධාරාවක් සඳහා අවම සිසුන් සංඛ්‍යාව පහළොවක් (15) විය යුතුය.

මෙම කොන්දේසිය සපුරාලීමට නොහැකි නම් අදාළ පන්ති ආරම්භ නොකළ යුතුය.

අදාළ සිසුන් සංඛ්‍යාව නොමැති පාසල්වල සිටින සිසුන් වෙනත් පාසල් වෙත යොමු කළ යුතුය.

මෙම කොන්දේසි, සිසුන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පාසලේම උසස් පෙළ අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන අවස්ථා සඳහා ද අදාළ වේ.

විශේෂයෙන්ම, ගණිත විෂය අසමත් වී, තමන් අධ්‍යාපනය ලැබූ පාසලෙන්ම කලා විෂය ධාරාව හැදෑරීමට අපේක්ෂා කරන සිසුන්ට මෙම කොන්දේසි දැඩි බලපෑමක් ඇති කරයි.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *