Press "Enter" to skip to content

රනිල්ටත් බැරි වූ ණය ප‍්‍රතිව්‍යුහගතකරණය කලේ අනුරයි

ජාතික ජන බලවේගයට හම්බ වුනේ බංකොලොත් වී තිබූ රටක් බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ් ඇමති සුසිල් රණසිංහ මහතා සඳහන් කරයි.

ආණ්ඩු බලය ලැබෙන විට ණය ප්‍රතිවූයහගතකරණයවත් කර නොතිබූ බවද හෙතෙම පවසයි.

රනිල් වික්‍රමසිංහලටත් බැරි වූ ණය ප‍්‍රතිව්‍යුහගතකරණය කරන ලද්දේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බවත් ඒ මහතා කියා සිටී.

එපමණක් නොව 2028 වසරෙදි ණය ගෙවන්නට හැකි ආර්ථිකයක් හදන වැඩපිළිවෙලක් මේ වන විටත් ක්‍රියාත්මක බවත් ඒ මහතා සඳහන් කළේය.

ගතවූ මාස නවයක කාලයේදී අනුර කුමාර දිසානායක මහතා හොඳටම මැච් එක ගසා ඇති බවද හෙතෙම කියා සිටියි.

වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසුවේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *