Press "Enter" to skip to content

මහජන ධනය කොල්ල කාලා ජනතාව පීඩාවට පත් කළ හිටපු දේශපාලඥයින්ට එරෙහිව නීතිය

දේශපාලනඥයන්ගේ ප්‍රශ්න විසඳීම පැත්තක තබා පොදු ජනතාවගේ ප්‍රශ්න විසඳීමට මුල් තැන දුන්න පළවෙනි ආණ්ඩුව, අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ආණ්ඩුව බව අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත සඳහන් කරයි.

අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත සඳහන් කළේ,

“දේශපාලනඥයන්ගේ ප්‍රශ්න විසඳීම පැත්තක තියලා පොදු ජනතාවගේ ප්‍රශ්න විසඳීමට මුල් තැන දුන්න පළවෙනි ආණ්ඩුව තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ආණ්ඩුව. තෝරු මෝරු ඒගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ, මේ හාල්මැස්සන්ට තමයි නීති ක්‍රියාත්මක වෙන්නේ කියලා එහෙම මතයක් තියෙනවා කාලයක් තිස්සේ.

නමුත් දැන් ඔබ සැමට හොඳින් පේනවා, ඇහෙනවා, දැනෙනවා නීති විරෝධීව මහජන දේපල කොල්ල කොපු, ඉඩම් කොල්ල කොපු, මහජන ධනය කොල්ල කාපු තෝරුන්ට, මෝරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්න පළමු වරට මේ ශ්‍රී ලංකා භූමියේ ආරම්භ වෙලා තිබෙනවා.

දැන් ඒගොල්ලෝ මහජනයාගේ ධනය කොල්ල කාලා ජනතාව පීඩාවට පත් කරගෙන එහෙම හිටපු දේශපාලඥයෝ පස්සේ දැන් නීතිය ක‍්‍රියාත්මක වෙනකොට ඒගොල්ලො සියලු දෙනාම එකට එකතු වෙමින් ජාතික ජන බලවේගයේ එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ මේ රටේ පොදු ජනතාවගේ ආණ්ඩුව පෙරළා දැමීමට කුමන්ත්‍රණ කරනවාය කියලා ඔවුන් කියනවා.

හැබැයි ඔවුන්ට ඒක කරන්න වෙන්නේ නෑ. මොකද පොදු ජනතාව ඉන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ රජයත් එක්ක.”

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *