Press "Enter" to skip to content

විය යුතු දේ වෙමින් පවතිනවා.. එදා විරුද්ධ වූණ හැමදේම ආණ්ඩුව අද කරනවා

වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විපක්ෂයේ සිටිය දී විරුද්ධ වූ සියලු ම දේ දැන් කරමින් සිටීම පිළිබඳ තමන් මහත් සේ සතුටට පත්වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසයි.

“මම හරිම සතුටුයි. විය යුතු දේ වෙමින් පවතිනවා. මේ ආණ්ඩුව විපක්ෂයේ ඉන්න කොට විරුද්ධ වෙච්චි දේවල් සියල්ල අද හරියි කියලා තේරුම් අරන් ඉන්න එක ගැන මම විශාල වශයෙන් සතුටු වෙනවා.

හරියි කියලා හිතන හින්දා නෙ දැන් කැසිනෝ විවෘත කරනවා. ගංජා අපනයනය කරන්න නීතිගත කරනවා. ඒ විතරක්ද මම කතා කළා කොළඹ නොනිඳන නගරයක් කරන්න. මම Marine Drive එක ගැන කිව්වා. මේවා පැය 24 ඇරලා තියන්න ඕන තැන්. ඒවා වහගෙන සංචාරකයෝ ආකර්ශනය කරගන්න බෑ.”

ඩයනා ගමගේ මේ බව ප්‍රකාශ කළේ, හිරු සලකුණ වැඩසටහනට එකතු වෙමිනි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *