Press "Enter" to skip to content

NPP JVP හුටපටය ගැන අගමැතිනිය කතා කරයි.!

ස්වාධීන රූපවාහිනී නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළේ නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමට සූදානමක් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවයි.

එහිදී ඇය වැඩිදුරටත් පැවසූවේ තමා අගමැති තනතුරෙන් ඉවත් කරන බවට වන පුවත තමා ද දැනගත්තේ සමාජ මාධ්‍ය හරහා බවයි.

තමන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ දා සිටම, ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර අභ්‍යන්තර ගැටුම් පවතින බවට ඇතැම් පාර්ශ්ව අසත්‍ය ප්‍රචාර ගොඩනගමින් සිටින බවත්, මෙම නවතම වාර්තාවද එම උත්සාහයේම තවත් එක් දිගුවක් පමණක් බවත් ඇය වැඩිදුරටත් පැවසීය

ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය යනු දෙකක් නොව එකම දේශපාලන ව්‍යාපාරයක් බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, තම කණ්ඩායම තුළ කිසිදු ආකාරයක බෙදීමක් නොමැති බවට ද අවධාරනය කළාය.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *