Press "Enter" to skip to content

නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ගුරුවරුන්ට පුහුණු කිරීම අරඹයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීමේ අරමුණින්, ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන තෙවන පාසල් වාරය ආරම්භ වීමට පෙර අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මෙම පුහුණු වැඩසටහන පළාත් මට්ටමින් ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත දැනටමත් ලබා දී තිබේ.

දැනට ජාතික අධ්‍යාපන ආයතනය විසින් පුහුණුකරුවන් පුහුණු කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

පළමු අදියරේදී, පළමු ශ්‍රේණියේ ගුරුවරුන් පුහුණු කිරීම සඳහා පුහුණුකරුවන්ගේ කණ්ඩායම පුහුණු කිරීමෙන් පසු, එම පුහුණු වැඩසටහන පළාත් මට්ටමෙන් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

ඉන් අනතුරුව, දෙවන අදියරේදී හයවන ශ්‍රේණියේ ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන ආරම්භ කිරීමට නියමිතය.

මෙම ප්‍රතිසංස්කරණවලට අනුකූලව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් පළමු සහ හයවන ශ්‍රේණි සඳහා නව පාඩම් ඒකක (මොඩියුල) මුද්‍රණය කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇත.

නව විෂය නිර්දේශයට අදාළව, සාම්ප්‍රදායික පෙළපොත් වෙනුවට මෙම නව ඒකක හඳුන්වා දෙනු ලැබේ.

 

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *