Press "Enter" to skip to content

නඩුව අවසන් වන තෙක් කුමාර ජයකොඩිට ඇමතිකමෙන් අස්වන්නැයි කියයි

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ඇති නීතිමය කටයුත්ත අවසන් වන තෙක් ඔහු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ආණ්ඩුවට පක්ෂපාති පිරිස් වෙතින් අදහස් පළ කරමින් තිබේ.

සමාජ ජාලාවට අදහස් පළ කරමින් කිහිපදෙන සඳහන් කර ඇත්තේ කුමාර ජයකොඩි මහතාට අල් අල්ලස් කොමිසම් විසින් සිදු කරන්න විමර්ශනය අවසන් අනතුරු ඔහු ඇමති ධුරයෙන් ඉවත් වී සිටීම වඩා සුදුසු බවය.

2015 වසරේ පොහොර සංස්ථාවේ සේවය කරන සමයේදී අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ලැබුණු දූෂණ පැමිණිලි අනුව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව විසින් තීරණය කර ඇති බව ‘සන්ඩේ ටයිම්ස්’ වාර්තා කිරීමෙන් පසු මෙම සටහන් පල වෙමින් ඇත.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *