Press "Enter" to skip to content

ඔහු ඉතා වයෝවෘද්ධයි මේ මනුස්සයාට පාඩුවෙ ඉන්න දෙන්න

මහින්ද රාජපක්ෂ තමාගේ දේශපාලන ජීවිතෙන් මේ වන විට සමුගෙන ජීවිතයේ සැදෑ සමය ගතකරමින් සිටින අතර ඔහු සම්බන්ධයෙන් සමාජයේ කීපදෙනෙක් ඔහුගේ කාලයේ සිදු කෙරූ විවිධ දේ පිළිබඳව නැවතත් මතු කරමින් ඔහුට අපහාස කිරීම සිදුකරයි.

විවිධ දේශපාලන අරමුණු වෙනුවෙන් සිදුකරන මෙවැනි ක්‍රියා නවත්තන ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍යය මහින්ද ජයසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.ඔහු ඒ සම්බන්ධයෙන් සිදු කළේ පහත ආකාරයේ ප්‍රකාශයක්.

“රටේ ජනතාව විශාල ප්‍රමාණයක් ඔහුගේ කාලය තමන් විසින් කර වැරදි හෝ අත්වැරදීම් වලින් මේ වන විට අත්මිදිලා තියෙනවා තියෙනවා. පසුගිය කාලසීමාවේ ඔහු යුද්ධය අවසන් කළ නිසාම මහින්ද රාජපක්ෂ කියන චරිතයට මිනිස්සු යම්කිසි ප්‍රමාණයකට ගරුකරා

. නාමල්ටත් ඇතුළු කුට්ටිලාට මේ හැමෝටම කියන්න තියෙන්නේ මේ අහිංසක මනුස්සයාට පැත්තකට වෙලා ඉන්න දෙන්න කියලා. අපි දන්නවා ඔහු ඉතාමත් වයෝවෘද්ධයි දැන් ඔහුට නිදහසේ ඉන්න දෙන තමාගේ දේශපාලන අරමුණු වෙනුවෙන් ඔහුව පාවිච්චි කරන්න එපා”

යනුවෙන් තමයි ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *