Press "Enter" to skip to content

රාජපක්ෂලගේ කාලේ රටෙනුත් පළා ගිය පාතාළේ දැන් ගෙදරටම ඇවිත් මිනී මරනවා

රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගෙන ගොස් වෙඩි තබා මරා දමන බවට එදා චෝදනා කළ වත්මන් ආණ්ඩුවේ නායකයන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.

“අපි දැක්කා පාතාලය මෙහෙයවපු කට්ටිය සම්බන්ධයෙන් බිමල් රත්නායක මැතිතුමා ප්‍රකාශයක් කරනවා. බිමල් රත්නායක මැතිතුමනි රාජපක්ෂවරුන්ගේ කාලයේ තමයි පාතාල නායකයෝ මේ රට අතහැරලා පැනල ගියේ. රාජපක්ෂවරුන්ගේ කාලයේ තමයි ලංකාවේ පාතාල ක්‍රියකාරකම් නතර වුණේ. මේ රටේ ජනතාව මැරිලා ඉපදිලා නැහැ.

මේ රටේ ජනතාව දන්නවා රාජපක්ෂවරුන්ගේ කාලයේ තමයි පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගෙනියද්දී වෙඩි තියල මරා දානවා කියල ඒකට විරුධව උද්ඝෝෂණය කළේ හඬක් නැගුවේ ඔබලා මිසක් මේ රටේ වෙන කවුරුවත් නෙවෙයි.

ඉතින් ඒක නිසා පාතාලය ඔබලාගේ ආණ්ඩුවක් යටතේ බිමල් රත්නායක මහතා සභානායක ධූරය දරන, ඇමතිකමක් දරන ආණ්ඩුවක් යටතේ පාතාලය දිනෙන් දින මහ පාරේ ගෙවල්වලට ඇවිල්ලා, පොලීසි ඉස්සරහ මිනී මරල වෙඩි තියල යන තත්ත්වයට පත්වෙලා තියෙනව. මේ වගේ පාතාලයක් ඉහළට ගෙන ඒම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ගන්න ඕනේ මේ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව.‍”

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *