Press "Enter" to skip to content

එ.ජා. නිත්‍ය නේවාසික නියෝජිත සහ ජා.ජ.බ. නායක අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ නිත්‍ය නේවාසික නියෝජිත මාක් ඇන්ඩ්‍රෙ ෆ්‍රැන්ච් මහතා සහ ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් අද (29) පෙරවරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

මෙම හමුව සඳහා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලයේ සංවර්ධන උපදේශක සහ නේවාසික සම්බන්ධීකාරක එඩ්වඩ් මහතාද ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික බිමල් රත්නායක සහෝදරයාද එක්ව සිටියහ.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්වය පිළිබඳව අවධානය යොමු විය. ආණ්ඩුවේ ආර්ථික ඉලක්ක බිඳ වැටීම හමුවේ ජනතාව තවදුරටත් පීඩාවට ලක්කෙරෙමින් ඇති බව පෙන්වා දුන් අනුර දිසානායක සහෝදරයා මැතිවරණ නොපවත්වමින් ආණ්ඩුව ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පැහැරගනිමින් සිටීම පිළිබඳව එ.ජා. නියෝජිතයින්ගේ අවධානය යොමු කරවීය. මැතිවරණ පැවැත්වීමට නියෝග කළ විනිසුරුවරුන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට කැඳවීමට තර්ජනය කරමින්ද ජනතා උද්ඝෝෂණ මර්දනය කරමින්ද ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කරමින් සිටින බවද ජාතික ජන බලවේගය නියෝජිතයෝ මෙහිදී පෙන්වා දුන්හ.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *