Press "Enter" to skip to content

කොළඹ අපිළිවෙල ජීවිත පිළිවෙල කරන්න රුපියල් බිලියනයක්.!

නාගරික සංවර්ධන, ඉදිකිරීම්, නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසන්නේ කොළඹ සහ ඒ අවට පැරණි මහල් නිවාස අලුත්වැඩියා කටයුතු කිරීම සඳහා රුපියල් මිලියන 1000ක් වෙන්කර ඇති බවයි.

එම යටිතල පහසුකම් සකස් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව ඔහු පෙන්වා දෙයි.

විශේෂයෙන්ම පැරණි මහල් නිවාස සංකීර්ණවල මළ පවාහන පද්ධති අක්‍රිය වී ඇති බවත් ඊට අමතරව තවත් අලුත්වැඩියා කටයුතු රැසක් සිදු කිරීමට සිදුව ඇති බවත් මේ වනවිට එය ආරම්භ වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වසර අවසන් වීමට පෙර මෙම සියලු ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට හැකියාව ලැබෙන ඇති බව පැවසූ අමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, සහ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මගින් පවත්වාගෙන යනු ලබන මෙම මහල් නිවාස අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ දිනවල කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවද වැඩිදුරටත් සඳහන් කළේය.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *