Press "Enter" to skip to content

ඖෂධ හිගයට හේතුව ගිය ආණ්ඩුවේ වැරදි..- නලින්ද

පවතින ඖෂධ හිඟයට මූලික හේතුව වී ඇත්තේ පසුගිය රජය විසින් නිසි ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කරමින් ඖෂධ ගෙන්වීමට කටයුතු කිරීම බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

වර්තමානයේ රට තුළ ඇතැම් අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක් පැවතීමට ප්‍රධානතම හේතුව මෙය බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

කෙසේ වෙතත්, මෙම ඖෂධ හිඟය මගහරවා ගැනීම සඳහා වහාම ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව, ප්‍රදේශීය මට්ටමින් ඖෂධ මිලදී ගැනීම් සිදු කිරීමට හැකිවන පරිදි රෝහල් සඳහා රුපියල් කෝටි 3,500ක මුදලක් වෙන්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

“ගිය අවුරුද්දේ ටෙන්ඩර් නොකිරීමේ ප්‍රතිඵලය තමයි දැන් ඖෂධ සැපයෙන්නේ නැති ප්‍රශ්නේ. ගිය අවුරුද්දේ ටෙන්ඩර් කරලා තිබුණා නම් හරියට ඖෂධ එනවා. අපි දැන් ලබන වසර සඳහා ටෙන්ඩර් කරලා තියෙනවා. දැන් ඇති වෙලා තියෙන තාවකාලික ඖෂධ හිඟයට එකක් අපි රෝහල්වලට රුපියල් කෝටි 3,500ක් වෙන් කරලා තියෙනවා ප්‍රාදේශීය මිලදී ගැනීම් කරන්න.

දෙවැනි එක විටින් විට අපි සමහර රටවල් එක්ක සාකච්ඡා කරලා පරිත්‍යාග හැටියට මේක ලබා ගන්නවා සමහර රටවල් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කරන තැනට ඇවිල්ලා තියෙන්නේ එ්කෙන් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න පුළුවන් කමක් තියෙනවා.”

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *