ශ්‍රී ලංකාව හා යහපත් සබඳතා වැඩිදියුණු කිරීමට, ජාත්‍යන්තරව ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට සහ ගුණාත්මක ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ප්‍රමුඛත්වය දිය යුතු බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය. ශ්‍රී ලංකාවේ අභිනවයෙන් පත්වූ දූත මණ්ඩල ප්‍රධානීන්, පසුගියදා (22) අගමැති කාර්යාලයේදී අගමැතිනිය හමුවූ අවස්ථාවේ ඇය මේ බව ප්‍රකාශ කළාය.
ඉන්දුනීසියාවේ තානාපතිනි එස්. එස්. ප්‍රේමවර්ධන, බ්‍රසීලයේ තානාපතිනි සී. ඒ. සී. අයි. කොලොන්නේ, මාලදිවයිනේ මහකොමසාරිස් එම්. ආර්. හසන්, තුර්කියේ තානාපති එල්.ආර්.එම්.එන්.පී.ජී.පී.බී. කදුරුගමුව, නේපාලයේ තානාපතිනි රුවන්ති දෙල්පිටිය, කොරියානු ජනරජයේ තානාපති එම්.කේ. පත්මනාදන්, ඕමාන සුල්තාන් රාජ්‍යයේ තානාපති ඩබ්ලිව්. ඒ. කේ. එස්. ද අල්විස් මහත්ම මහත්මීහු මෙලෙස අගමැතිනිය හමුවූහ.
ඔවුන්ගේ සත්කාරක රටවල පවතින අවස්ථා පිළිබඳව අදහස් හුවමාරු කර ගත් අගමැතිවරිය ඔවුන්ගේ ඉදිරි රාජකාරි කටයුතු සාර්ථක කරගැනීමට සිය ශුභාශිංසන එක් කළාය. අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අගමැති අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.
Be First to Comment