Press "Enter" to skip to content

සණස ඉන්ෂුවරන්ස් සම්මාන උළෙල අභිමානවත් ලෙස පැවැත්වේ

රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් දෙදෙනෙකු වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සහ සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් යන සමාගම් ද්විත්වයේ විශිෂ්ටයන් ඇගැයීම පසුගියදා කොළඹ ෂැංග්‍රි ලා හෝටලයේදී අභිමානවත් ලෙස සිදු විය. SANASA Insurance Award 2022 නම් වූ මෙම සම්මාන උළෙලේදී ආයතන ද්විත්වයේ අලෙවි විශිෂ්ටයන්, කණ්ඩායම් නායකයන්, නියෝජිතයන්, වසර 10කට වැඩි කාලයක් ආයතනයේ සේවය කළ සේවකයන්, විශිෂ්ටයන්ගෙත් විශිෂ්ටයන් අගයන ලදී. මෙහිදී විශිෂ්ටතා සම්මාන, කුසලතා සම්මාන, සහතික, වවුචර්, විදේශ සංචාර හා තරු පංතියේ හෝටල්වල භෝජන සංග්‍රහ ආදිය ප්‍රදානය කෙරුණු අතර නර්තන අංග සහ විනෝදාත්මක වැඩසටහන් රැසකින් උත්සවය විචිත්‍රවත් විය.

වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළලේදී විශිෂ්ටයන් 400කට අධික පිරිසක් සම්මානයට පාත්‍ර වූ අතර සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් හා සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් ආයතන ද්විත්වයේ අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරීන්, සභාපතිවරුන්, සණස ආයතන සමූහයේ ප්‍රධානීන්, සණස සමිතිවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, සභාපතිවරුන් සහ සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් හා සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් ආයතන ද්විත්වයේ ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ රැසක් උත්සවයට සහභාගී වූහ.

“මගේ ජීවිතේ මම ලබපු ප්‍රධාන අත්දැකීමක් වන්නේ වැඩක් ඇරඹීමේදී එයට මුදල් ලැබෙන්නේ කෙසේද සහ එයට මිනිසුන්ගේ සහයෝගය කුමන ආකාරයකට ලැබෙයිද යන්න කල්පනා නොකර සිතට එකඟව, අධිෂ්ඨානශීලීව ඉදිරියට ගියොත් ඕනෑම දෙයක් සාර්ථක වන බව. එසේම කණ්ඩායම් හැගීමකින් යුතුව සාමූහිකව වැඩ කළ හැකි අධිෂ්ඨානශීලී අවංක පිරිසක් එකට එක් වුණොත් සාර්ථකත්වය කරා පියමැනීම ඉතා පහසුයි. තනි මලක් වෙලා රෝස පඳුරේ සිටියාට ඒ මලට ආලෝකයක් ලැබෙන්නේ තවත් මල් විශාල ප්‍රමාණයක් ඒ මල වටා තිබුණොත් පමණයි. ඒ වගේම ඒ මල් පොකුරේ තව පිපෙන්නට සූදානම් වන පොහොට්ටුත් තිබිය යුතුයි. අද මේ මොහොතේ සම්මාන ලබන සියලු දෙනා ඉදිරියේදි පිපෙන්න වෙර දරන පොහොට්ටු වැනියි. ඔබ කොපමණ දුෂ්කරතාවලට මුහුණ දුන්නත් සාර්ථකව තමන්ගේ මල පුබුදුවාව ගන්න අවශ්‍යයි.” සණස නායක විශ්ව ප්‍රසාදිනි ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා පැවසීය.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *