Press "Enter" to skip to content

කොළඹ ඉඩම් මිල වැඩි වෙලා

පසුගිය වසරේ පළමු භාගයට සාපේක්ෂව මේ වසරේ පළමු භාගයේ දී කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම්වල වටිනාකම 11.4%කින් ඉහළ යාමක් වාර්තා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

ඉඩම් තක්සේරු දර්ශකය- වසර 2025 පළමු භාගය වාර්තාව ඊයේ (27) නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව එසේ කියා සිටී.

ඒ අනුව වසර 2024 පළමු භාගයට සාපේක්ෂව කොළඹ දිස්ත්‍රික්කයේ නේවාසික, වාණිජ සහ කාර්මික මෙන්ම සමස්ත ඉඩම්වල තක්සේරු දර්ශකය ඉහළ ගොස් ඇත.

වසර 2024 පළමු භාගයට සාපේක්ෂව නේවාසික 14.4%ක්, වාණිජ 11.5%ක් සහ කාර්මික 8.4%ක දර්ශක වැඩිවීමක් 2025 පළමු භාගයේදී සිදුවී තිබේ.

එපමණක් නොව 2024 දෙවන භාගයේ දී වාර්තාවූ අගයන්ට සාපේක්ෂව 2025 පළමු භාගයේ ඉඩම්වල තක්සේරු වටිනාකම් ඉහළ ගොස් ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහක් ආවරණය වන පරිදි 1998 සිට වසර 2008 දක්වා වාර්ෂිකවද, 2009 සිට 2017 දක්වා අර්ධ වාර්ෂිකවද ඉඩම් මිල දර්ශකය සම්පාදනය කරනු ලබයි.

ඉන් පසු 2017 සිට ඉඩම් මිල දර්ශකය අර්ධ වාර්ෂිකව ගණන් ගන්නා අතර වසර 2020 සිට ඉඩම් තක්සේරු දර්ශකය ලෙස නම පවා වෙනස් කරමින් ඉදිරියට ප්‍රකාශයට පත් කරගෙන යමින් සිටින බව මහ බැංකුව කියයි.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *