Press "Enter" to skip to content

වත්මන් අධ්‍යා­පන ක්‍රමය මවු­පි­ය­න්ටත් දැරී­මට නොහැකි තරම් සංකී­ර්ණයි

දරුවා පාස­ලට භාර දීලා මවු­පි­යන්ට රැකි­යා­වක් කර­ගෙන ඉන්න බැරි තර­මට මේ අධ්‍යා­පන ක්‍රමය සංකී­ර්ණව ඇතැයි අග්‍රා­මාත්‍ය, අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන සහ වෘත්තීය අධ්‍යා­පන ඇමැති ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පැව­සු­වාය.

මූල්‍ය­ය­මය පැත්තෙ­නුත් ඔවුන්ට විශාල වග­කී­මක් පෞද්ග­ලි­කව දරන්න සිදුව ඇතැයි ද අග­මැ­ති­ව­රිය ප්‍රකාශ කළාය.

නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ පිළි­බඳ ඌව පළාත් අධ්‍යා­පන බල­ධා­රීන් දැනු­ම්වත් කිරීමේ සාක­ච්ඡා­වක් පෙරේදා (26) දින ඌව පළාත් සභා ශ්‍රව­ණා­ගා­රයේ දී පැවැති අතර අග­මැ­ති­ව­රිය එහි දී මේ බව කියා සිටි­යාය.

අග­මැ­ති­ව­රිය මෙසේද පැව­සු­වාය.

“2026 වර්ෂයේ ආරම්භ කිරී­මට නිය­මිත නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ සම්බ­න්ධව පළාත් මට්ටමේ අධ්‍යා­පන නිල­ධා­රීන් දැනු­ම්වත් කිරීමේ අව­සාන අදි­ය­රට අපි පැමිණ සිටි­නවා. මීට මාස ගණ­න­කට පෙර උතු­රු­මැද පළා­තෙන් ආරම්භ කළ මෙම දැනු­ම්වත් කිරීමේ සාකච්ඡා මාලාව අනෙක් සෑම පළා­ත­කම පවත්වා ඌව පළා­තෙන් තමා අව­සන් වෙන්නෙ. හැමෝම අව­ශ්‍යයි කියන අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ සිදු කළ යුත්තේ ඇයි කියන කාර­ණය අපි වට­හා­ගත යුතුයි. ඒ වගේම අව­බෝ­ධ­ක­ර­ගත යුතුයි. අපි ආණ්ඩු­වට පත් වෙන්න පෙර සිට එනම් 2011, 2012 වර්ෂ­වල සිටම ජාතික ජන බල­වේ­ගය අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ පිළි­බඳ ආරම්භ කළ සංවා­ද­යක් තිබෙ­නවා. අධ්‍යා­ප­නය යනු කුමක් ද, අධ්‍යා­ප­නය මොක­ටද සහ අධ්‍යා­පන යන්ත්‍ර­ණය පව­ත්වා­ගෙන යාමේ රජයේ කාර්ය­භා­රය කුමක් ද යන කරුණු සම්බ­න්ධ­යෙන් අප විශේ­ෂ­යෙන් අව­ධා­නය යොමු කළා.

මුලින්ම මේක ආරම්භ වෙන්නේ අධ්‍යා­ප­න­යට වෙන් කරන මුදල් ප්‍රමා­ණය වැඩි කළ යුතුයි කියන තැනින්. ඔබට මතක ඇති 2011 වර්ෂයේ විශ්ව­වි­ද්‍යාල ආචා­ර්ය­ව­රුන්ගේ අර­ග­ල­යක් තිබ්බා අධ්‍යා­ප­නය වෙනු­වෙන් සිය­යට 6ක් වෙන් කරන්න කියලා. එය ඒ සංඛ්‍යා­ව­ට­වත් මුද­ල­ට­වත් සීමා කළ යුතු නෑ. යුනෙස්කෝ සංවි­ධා­නය කියලා තියෙ­නවා අධ්‍යා­ප­නය වෙනු­වෙන් සිය­ලුම රාජ්‍ය­යන් අව­ම­යක් ලෙස සිය­යට 6ක් දළ ජාතික නිෂ්පා­ද­න­යෙන් වෙන් කළ යුතුයි කියලා. අපි ඒක සටන් පාඨ­යක් හැටි­යට ගත්තේ ඒ සිය­යට 6 කියන කාර­ණය තුළින් නෙවෙයි, රජය අධ්‍යා­ප­න­යට වග­කිව යුතුයි කියන කාර­ණය අව­ධා­ර­ණය කරන්න. ඇයි අපි එහෙම කතා කළේ සහ ඇයි ඒ සංවාද ඇති වුණේ? අපි දකින විදි­හට අධ්‍යා­ප­නය කියන්නේ පෞද්ග­ලික ආයෝ­ජ­න­යක් හෝ පෞද්ග­ලික ප්‍රති­ලාභ ලබන දෙයක් නෙවෙයි. මේක සමා­ජ­යක් පව­ත්වා­ගෙන යෑමට අත්‍ය­වශ්‍ය දෙයක්. සමා­ජ­යක් පව­ත්වා­ගෙන යෑමට වගේම සමා­ජ­යක් පරි­ව­ර්ත­නය කිරී­මට, සමා­ජ­යක් සංව­ර්ධ­නය කිරී­මට, අධ්‍යා­ප­නය තුළින් සිදු වන කාර්ය­භා­රය ඉතාම වැද­ගත්. එවිට එහි බර සහ වග­කීම පෞද්ග­ලික වග­කී­මක් පම­ණක් වෙන්නෙ නෑ. එතන සමා­ජ­යීය වග­කී­ම­කුත් තියෙ­නවා. සමා­ජ­යට වග­කී­මක් තිබෙ­නවා කියන්නේ රජ­යට වග­කී­මක් තිබෙ­නවා කියන එකයි.

අධ්‍යා­ප­නයේ අර­මුණු පෞද්ග­ලික තැන­කට ගෙන ඒම වැළැ­ක්විය යුතුයි. එය දරු­ව­කුගෙ වග­කී­මක්, පවු­ලක වග­කී­මක් ලෙස ගත­හොත්, එහි ප්‍රති­ලාභ සමා­ජ­යීය ප්‍රති­ලාභ ලෙස නොව පෞද්ග­ලික ප්‍රති­ලාභ ලෙස බලා­පො­රොත්තු ඇතිව ඔවුන් කට­යුතු කර­නවා. මෙම සංක­ල්පය හරහා සිද්ධ වෙන්නේ, පෞද්ග­ලි­කව දරන්න තියෙන මූල්‍ය­මය විය­දම වැඩි වෙන එක වගේම වග­කී­මත් වැඩි වීමයි. අද ප්‍රායෝ­ගි­කව ගත්තොත් මොකක්ද සිද්ධ වෙන්නේ? ගෙද­රක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරු­වන්ගේ අධ්‍යා­ප­නය වෙනු­වෙන් කොච්චර කාල­යක් වෙන් කර­න­වද, කොච්චර වෙලා­වක් යොමු කර­න­වද ? මූල්‍ය­මය කාර­ණය පැත්ත­කින් තියන්න. අපි ඉස්කෝලෙ යන කාලේ අපේ අම්ම­ලත් අද අම්ම­ලත් අතර විශාල වෙන­සක් තියෙ­නවා. මම දන්නවා බොහෝ මවු­ව­රුන් ඉන්නවා දරු­වන්ගේ අධ්‍යා­පන කට­යුතු වෙනු­වෙන් කාලය වෙන් කරන්න රැකි­යාව අත­අ­රි­නවා. තාත්තලා දරු­වන්ගේ විභාග කාල­වල දී නිවාඩු අර­ගෙන ගෙදර ඉන්නවා. එවිට කුමක් ද සිදු වන්නේ? දරු­වාගේ අධ්‍යා­ප­නය වෙනු­වෙන් පෞද්ග­ලි­කව මැදි­හත් වීමට සිදුව තිබෙ­නවා.

මෙම අව­ස්ථා­වට වැවිලි, ප්‍රජා යටි­තල පහ­සු­කම් අමාත්‍ය සමන්ත විද්‍යා­රත්න, අධ්‍යා­පන සහ උසස් අධ්‍යා­පන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙ­වි­රත්න, සංචා­රක නියෝජ්‍ය අමාත්‍ය මහා­චාර්ය රුවන් රණ­සිංහ, වෙ‍ෙළඳ, වාණිජ සහ ආහාර සුර­ක්ෂි­තතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජය­ව­ර්ධන, ඌව පළාත් ආණ්ඩු­කාර නීතිඥ ජේ.එම්. ජය­සේ­කර, පාර්ලි­මේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර සහ දිනිඳු සමන් හෙන්නා­යක මහ­ත්ව­රුන්, අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන සහ වෘත්තීය අධ්‍යා­පන අමා­ත්‍යාංශ ලේකම් නාලක කලු­වැව මහතා, ඌව පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුල මහ­ත්මිය, අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේක­ම්ව­රුන් ඇතුළු ඌව පළාත් අධ්‍යා­පන බල­ධා­රීහු සහ­භාගි වූහ.

 

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *