Press "Enter" to skip to content

ගුරු විභාග, දීප ව්‍යාප්ත මට්ටමින්

ගුරු පත්වීම් ලබාදීම පිළිබඳව දී ඇති නඩු තීන්දු අනුව ඉදිරියේදී යළි පත්වීම් ලබාදීම සිදු කළ හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර තිබුණේ, රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ නියෝජිතයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී රැකියා විරහිත උපාධිධාරීන් ගුරුවරුන් ලෙස බදවා ගැනීමට බාධාවක්ව පැවති නඩු 4 ක් විසදෙමින් පවතින මොහොතක ඒ සියල්ල කඩිනම් විභාගයකට අවශ්‍ය මෝසම් ඉදිරිපත් කරමින් අධිකරණයේ තින්දුව ලැබුණු සැනින් සති දෙකක් වැනි කෙටි කාලයක් තුළදී ගුරු විභාගය සඳහා ගැසට් පත්‍රය නිකුත් කර උපාධිධාරින්ට ගුරු විභාගයට ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බවත් එසේම අනෙකුත් අවශ්‍ය උපාධිධාරි බදවා ගැනීම් මේ වනවිට කැබිනට් අනු මැතිය ලබාගෙන ඇති පරිදිම බදවා ගන්නට අවශ්‍ය කටයුතු කරන බවත් සදහන් කරන ලදි .

පළාත් මට්ටමේ ගුරු පුරප්පාඩු පිළිබඳව දත්ත ලබාගැනීම සිදුවන අතර 2021 වසරෙන් පසු ගුරු වෘත්තිය සඳහා බඳවා ගැනීම් සිදුකර නොමැත.

එමෙන්ම ගුරු විභාගයට ඉල්ලුම් කිරීමේ වයස් සීමාව සංශෝධනයට ලක් කරමින් වයස් සීමාව දීර්ඝ කිරීමටත් දැනට පවත්නා සියලු ගුරු පුරප්පාඩු සදහා කඩිනමින් බදවා ගැනීමටත් එකඟත්වය පල කරන ලදි . ඒ අනුව යමින් ගුරු විභාගය දීප ව්‍යාප්ත මට්ටමින් පැවැත්වෙනු ඇත.

 

 

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *