Press "Enter" to skip to content

විශාල හේතුවක් නිසා අපි එකට වැඩ කළ යුතුයි.!

විශාල හේතුවක් නිසා එකට වැඩ කල යුතුයි කියලා තීරණය කරලා තියෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කරයි.

තිස්ස අත්තනායක සඳහන් කළේ,

“සමගි ජන බලවේගය මුලික වෙච්ච විපක්ෂයේ සියලුම දේශපාලන කණ්ඩායම් එකට වැඩ කිරීම පිළිබඳව තවමත් අදහස් හුවමාරුවක් සිදුවෙමින් තිබෙනවා.

පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ ආයතන 101ක් අපිට ඒකාබද්ධ වීම නිසා පිහිටුවා ගන්න අවකාශය ලැබුනා. ඉතින් දැන් අපි ඊටත් වඩා විශාල හේතුවක් නිසා එකට වැඩ කල යුතුයි කියලා තීරණය කරලා තියෙනවා.

ඒ වගේම එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගයත් අපි එකම කොට්ඨාශයක්. ඒ නිසා එකට වැඩ කිරීම පිළිබඳව පොදු සම්මුතියක් ගොඩනැගීම වෙනුවෙන් අදහස් හුවමාරුව ආරම්භ වෙලා තියෙනවා.”

 

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *