Press "Enter" to skip to content

ප්‍රතාප් වරලත් තක්සේරුකරුවන් සිය 10වැනි සංවත්සරය සමරයි

ප්‍රතාප් වරලත් තක්සේරු සහ උපදේශන පුද්ගලික සමාගම වසර 150 කට වැඩි ඒකාබද්ධ තක්සේරු පළපුරුද්දක් ඇති ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන RICS-UK විසින් නියාමනය කරන ලද ප්‍රමුඛතම තක්සේරු සහ දේපල උපදේශන සමාගමකි.

ඔවුන් විසින් සියලු ආකාරයේ දේපල සංවර්ධනය, කළමනාකරණය, තක්සේරු කිරීම් සහ උපදේශන සේවා සැපයීම මෙන්ම වීසා සැකසීම සහ බදු අරමුණු සඳහා තක්සේරු කිරීම් සිදුකරයි.

“ජයග්‍රහණය තුල අලංකාරය” තේමාව කරගනිමින් සිය 10 වැනි සංවත්සරය ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හෝටලයේදී පසුගියදා පැවැත්විණ.

මාලදිවයිනේ ලොව විශාලතම මුහුදු ගුවන් යානා ඇණිය සඳහා සිදුරන ලද නිර්මාණක් වෙනුවෙන් වරලත් මිනින්දෝරුවරුන්ගේ රාජකීය ආයතනය (RICS-UK) විසින් 2023 වසර සඳහා සංවිධානය කළ දකුණු ආසියාවේ දක්ෂතම තක්සේරු කණ්ඩායමට අයත් සම්මානය ලබාගැනීමට සමත්වු බව ඩී ප්‍රතාපසිංහ මහතා පවසයි.

මුලු රටම ආවරණය වන පරිදි වසර 10ක කාලයක් දේපල තක්සේරු සහ උපදේශන ක්ෂේත්‍රයේ ඔහු ප්‍රමුඛ තම කණ්ඩායමේ කැපවීම හා නොසැලෙන අධිෂ්ඨානය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ආයතනය ගෞරවාදරයට පත්වීමටත් මෙලෙස සම්මානයට පාත්‍රවීමටත් හේතුව බව වැඩිදුරටත් කියාසිටියේය.

එදා මෙදා තුර ඔහු පැමිණි ගමන්මඟත් ශ්‍රී ලාංකීය බැංකු සහ රාජ්‍ය හා පෞද්ගලික ආයතන බොහොමයක් සිය සේවාවන් ලබාගැනීමත් ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, මාලදිවයින, භූතානය වැනි විදෙස් රටවල් ගණනාවක් සිය ආයතනයේ සේවාවන් ලබාගැනීමත් ප්‍රතාපසිංහ මහතා ආඩම්බරයෙන් හා නිහතමානිව එහිදී හිසිපත් කළේය.

තවද ආයතනයේ අභිවෘද්ධියට සහාය දුන් සේවකයන් ඇගයීම ද එහිදී සිදුවිය.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *