Press "Enter" to skip to content

රනිල්ගේ පිහිටෙන් නයි-මුගටි එකතුවෙලා

හිටපු ජනපති රනිල් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය මුල් කරගෙන අද නයි, මුගටි එකට එකතු වී බොරු සන්දර්ශනයක් පෙන්වමින් සිටින්නේ යැයි ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පවසති.

එක එකාගේ බොරු රඟපෑම්වලට බය වෙලා ඉදිරියට තැබූ පය ආපස්සට නොගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටින බව ද උන්වහන්සේ කීහ. මහනුවරදී ඊයේ (28) පැවති ජන හමුවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ සීලරතන හිමියෝ පැවසූහ. “රනිල් වික්‍රමසිංහ පමණක් නෙවෙයි වරදක් කළා නම්, ඕනෑම අයෙක් දඬුවම් විඳිය යුතුයි. අද රනිල් වික්‍රමසිංහගේ සිද්ධිය මූලික කරගෙන නයි, මුගටි, සර්පයෝ ඔක්කොම ඒකාබද්ධ වෙලා රනිල්ගේ ගුණ ගායනා කරනවා. මේක තනිකරම බොරු සන්දර්ශනයක්. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා වේළි වේළි හිටපු පක්ෂ අද නැවතත් රනිල්ගේ කර මතින් දේශපාලන කරළියට එන්න දඟලනවා. මේ නයි, මුගටි සමඟිය වැඩි දවසක් තියෙන්නේ නැහැ. ඊයේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවට පොහොට්ටුවෙන් ආවේ නැහැ. මේ අය නැවතත් වෙන් වෙනවා. මේ සාකච්ඡාවලට අපට කතා කළෙත් නැහැ. අධිකරණ ක්‍රියාමාර්ග ගැන අපි මොකුත් කියන්නේ නැහැ.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *