Press "Enter" to skip to content

කෙහෙල්බද්දර පද්මෙලා ඇල්ලුවාම ඇතැම් දේශපාලකයන් කලබල වෙලා..!

වර්තමානයේදී දේශපාලනය සහ අපරාධ අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

වත්මන් රජය බලයට පත්වීමත් සමඟ එය බිඳ දැමීමට කටයුතු කර ඇති බවත්, ඒ හේතුවෙන් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට ඉඩ ලැබී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේදී ද කිසිදු දේශපාලන බලපෑමකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් එය සිදු කළ බවද හෙතෙම පෙන්වා දෙයි.

රටේ පොලීසියට දේශපාලන ඇඟිලි ගැසීම් සිදු නොකරන්නේ නම්, ඔවුන් කෙතරම් දක්ෂ නිලධාරීන් ද යන්න මෙම සිදුවීමෙන් පෙන්නුම් කරන බවත්, මෙම සිදුවීමත් සමඟ ඇතැම් දේශපාලනඥයන්ද කලබලයට පත්ව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *