පාස්කු ඉරු දින ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේදී ෂැන්ග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් මියගිය මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් නමැත්තාට අයත් කොළඹ 12 පරණ යොන් වීදියේ පිහිටි ඉඩම වෙනත් අයකුට පැවරීම සහ විකිණීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙණෙවිය කොළඹ ඉඩම් රෙජිස්ට්රාර්වරයාට ඊයේ (01) නියෝගයක් නිකුත් කළාය.
මහේස්ත්‍රාත්වරිය එම නියෝගය සිදු කරනු ලැබුවේ එම ස්ථානයේ ඇති ඉඩම මියගිය බෝම්බකරුට අයත් බවට හඳුනාගෙන එය විකිණීමට හෝ වෙනත් අයකුට පැවරීමට නොහැකි වන සේ නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.
2019 වර්ෂයේ අප්‍රේල් 21 වනදා එල්ල වූ පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුකළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් නවදෙනා අතරින්, ෂැන්ග්‍රිලා ප්‍රහාරයට වගකිවයුතු මියගිය බෝම්බකරුවකු වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමර්ඩ්ට අයත් ඉඩමක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකට අනුව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නියෝගය අධිකරණය මඟින් ලබාගෙන ඇත.
සුභාෂිණී සේනානායක
Be First to Comment