Press "Enter" to skip to content

කප්රුක සමාගම 2024ට සාපේක්ෂව 94%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් වාර්තා කරයි

2025 ජුනි 30 අවසන් වූ කාර්තුවට අදාළව කප්රුක හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම නිකුත් කළ මූල්‍ය ප්‍රකාශනයට අනුව එම සමාගම 14%ක වර්ධනයක් සහිතව රුපියල් මිලියන 448.52ක සංයුක්ත ආදායමක් සහ 30%ක වර්ධනයක් සහිත රුපියල් මිලියන 171.19ක දළ ලාභයක් ලබා තිබේ. 2024 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව මෙහෙයුම් කාර්යසාධනය 94%ක වර්ධනයක් ලබා ඇත. මුළු වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 1,494 දක්වා ළඟා වී ඇති අතර එය සමාගමේ කැපී පෙනෙන මූල්‍ය කාර්යසාධනය සහ අඛණ්ඩ වර්ධනය සඳහා ඇති ධාරිතාව පිළිබිඹු කරයි. උපායමාර්ගික මිල ගණන්, පුළුල් නිෂ්පාදන පරාසය, පිරිවැය විනය සහ ප්‍රති සන්නාමගත කිරීම තුළින් ලැබූ වාසි ඇතුළු බොහෝ සාධක මෙම වර්ධනය හේතු වී ඇත. සාම්ප්‍රදායික e-commerce වේදිකාවකින් ඔබ්බට ගොස් වඩාත් නවීන අලෙවි වේදිකාවක් දක්වා කප්රුක සමාගම පැමිණි ගමන වේගවත් කළ කප්රුක Partner Centralද මෙම වර්ධනය පසුපස ඇති ප්‍රධාන සාධකයකි. ප්‍රධාන පෙළේ ශ්‍රී ලාංකික සන්නාම සමග එක් වෙමින් හවුල් මෙවලම්, ප්‍රශස්ත සේවා ගිවිසුම් සහ ඒකාබද්ධ සැපයුම් හරහා සිය මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීමට එම සමාගම කටයුතු කර ඇත.

මෙම වේදිකා මොඩලය පාරිභෝගිකයන්ට වැඩි තෝරා ගැනීම් සහ පහසුව සහතික කරන අතර කප්රුක සමාගමේ සහ ව්‍යාපාර හවුල්කරුවන්ගේ ඒකක ආර්ථිකය ඉහළ නංවයි. විදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණු එක්සත් ජනපද ඩොලර් මත පදනම් වූ ඇණැවුම්, ‘පෙට්ටි පෙට්ටි’ වැනි වැඩි දියුණු කළ සේවා සහ ඉක්මන් බෙදා හැරීමේ සේවා මෙම කාර්තුවට අදාළ වර්ධනයට හේතු විය. “අපි මේ දකින්නේ නිසි අවධානය යොමු කිරීම සහ වේදිකා චින්තනය තුළින් ලැබූ ප්‍රතිපල බව පැවසීම නිවැරැදියි. ආදායම 14%කින්, දළ ලාභය 30%කින් සහ මෙහෙයුම් ධාරිතාව 2024 වසරට සාපේක්ෂව 94%කින් ඉහළ නංවන්නට අපට හැකි වුණා. Partner Central තුළින් ලැබූ වාසි බොහොමයි.” සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී දුලිත් හේරත් මහතා පැවසීය.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *