Press "Enter" to skip to content

රනිල් පාර්ලිමේන්තුවේ දැං හිටියොත් රටට හොදක් වෙනවා

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා මේ මොහොතේ පාර්ලිමේන්තුවේ සිටිය හොත් රටට හොඳක් වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂ සිරිකොත මූලස්ථානයේ පැවැති දන්සලක් ආරම්භ කරන අවස්ථාවට එක්වෙමින් ඔහු මෙසේ අදහස් පළ කළේය.

නමුත් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඒ මේ කිසිම සූදානමක් මේ මොහොතේ නැති බවත් පැමිණෙන්නේ නම් නියම කාලය බලා එනු ඇති බවත් හෙතෙම පැවසීය.

නමුත් එවන් සාකච්ඡාවක් දැනට නැති බවත් ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.

මෙම දන්සල සංවිධානය කර තිබුණේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් පතමිනි.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *