Press "Enter" to skip to content

දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි

ප්‍රවාහන සහ අධ්‍යාපන අමාත්‍යාංශ මඟින් පාසල් සිසුන් එදිනෙදා ප්‍රවාහනය කිරීම සහ විනෝද චාරිකා වෙනුවෙන් රැගෙන යාමේදී අනුගමනය කළ යුතු ආරක්ෂක නිර්ණායක සකස් කිරීමට සැලසුම් කර ඇති බව පවසයි.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශ තහවුරු කර ඇත්තේ පාසල් සිසුන්ගේ හා විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් විධිමත් ක්‍රමවේදයන් සැකසීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා ප්‍රවාහන අමාත්‍යාංශය අතර පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාවය නිර්මාණය වී ඇති බවයි.

මේ අතර මෙම සාකච්ඡාවේදී තවත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව සඳහන්.

ඒ අතර 2026 යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් සමඟ පාසල් කාලය පැය භාගයක් දීර්ඝ වීමේදී, බස් රථ සහ දුම්රිය කාලසටහන් ඒ අනුව සංශෝධනය කිරීමට ගත හැකි පියවර සහ ඇතැම් විශ්ව විද්‍යාලයන්හි නේවාසිකාගාර විශ්වවිද්‍යාලයට දුර බැහැරින් පවතින විටදී සිසුන්ට ප්‍රවාහන පහසුකම් සැපයීමට බස් රථ යෙදවීම යනාදී කරුණු ද අන්තර්ගතව ඇත.

එසේම අඳාළ සාකච්ඡාවට ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න ඇතුළුව අමාත්‍යාංශ ද්විත්වයේම නිලධාරීන් එක්ව ඇති බව වාර්තා විය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *