Press "Enter" to skip to content

වැඩක් නැති රාජ්‍ය ආයතන ගැන තීන්දුවක් ගනී

බෝඩ් ලෑල්ලට පමණක් සීමාවී තිබෙන රාජය ආයතන වසා දැමීමට රජය තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා බලපිටියේ පැවති උත්සවයකදී කීවේය.

සමහර රාජ්‍ය ආයතන රජයට බරක් බවත එවැනි රාජ්‍ය ආයතන පිළිබඳව තීන්දුවක් ගැනීමට සිදුවන බවත් ජයතිස්ස මහතා කීවේය.

“අපේ රටේ සමහර රාජ්‍ය ආයතනවලින් ජනතා සේවයක් කෙරෙන්නේ නැහැ. සමහර රාජ්‍ය ආයතනවල සේවය කරන්නේ නිලධාරීන් එක්කෙනයි දෙන්නයි. සමහර ආයතන බෝඩ්වලට පමණයි. ජනතාවට සේවයක් නොකරන බෝඩ් ලෑලිවලට පමණක් සීමාවී ඇති රාජ්‍ය ආයතන වහලා දාන්න තීන්දුවක් ගත්තා. සමහර ආයතන ඒකාබද්ධ කරන්නත් කටයුතු කරනවා”

බලපිටිය තැපැල් කාර්යාලයීය ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම නිමිත්තෙන් පැවති උත්සවයේදී නලින්ද ජයතිස්ස මහතා මේ බව කීවේය.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *