Press "Enter" to skip to content

සම­ගිය හා සාධා­ර­ණ­ත්වය ඇති කිරී­මට සියලු ආගම් අතර සහෝ­ද­ර­ත්වය ඉතා වැද­ගත්

මෙරට සම­ඟිය, සාධා­ර­ණ­ත්වය සහ සමා­නා­ත්ම­තාව ඇති කිරී­මට සියලු ආගම් අතර වන සහෝ­ද­ර­ත්වයේ හා ළබැ­ඳි­යාවේ ආද­ර්ශය ඉතා වැද­ගත් බව අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පැව­සු­වාය.

ඓති­හා­සික මාතර අප ස්වාමි­දු­වගේ ජාතික සිද්ධ­ස්ථා­නයේ වාර්ෂික මංග­ල්‍ය­යට (14) එක්වෙ­මින් අග­මැ­ති­නිය මේ බව කියා සිටි­යාය.

මෙම වාර්ෂික දේව­ස්ථාන මංග­ල්‍යය මෙවර සංවි­ධා­නය වූයේ 118 වැනි වර­ටයි. ඒ සඳහා සහ­භාගි වූ අග­මැ­ති­නිය වෙත බදුල්ල රද­ගුරු පදවි දරන අති­උ­තුම් ජූඩ් නිශාන්ත සිල්වා රද­ගුරු හිමි­පා­ණන් වහන්සේ සහ ගාල්ල රද­ගුරු පදවි දරන අති උතුම් රේමන් වික්‍ර­ම­සිංහ රද­ගුරු හිමි­පා­ණන් වහන්සේ විසින් විශේෂ ආශී­ර්වාද පූජා­වක් සිදු කරන ලදි. ඉන් අන­තු­රුව දේව­ස්ථා­නයේ ප්‍රධාන ශාලා­වේදී මාතර ප්‍රදේ­ශයේ සර්ව ආග­මික නාය­ක­යන් සහ අග­මැ­ති­නිය අතර විශේෂ සුහද හමු­වක් පැවැ­ත්විණි.

ඓති­හා­සික සිද්ධ­ස්ථා­න­යක් වන අප ස්වාමි­දු­වගේ දේව­ස්ථා­නයේ පැවැ­ත්වෙන මෙම ඓති­හා­සික මංග­ල්‍යය අව­ස්ථා­වට සම්බන්ධ වීමට ලැබීම විශාල භාග්‍ය­යක් බව ප්‍රකාශ කළ, අග­මැ­ති­නිය රජය වෙනු­වෙන් මෙම දේව මංගල්‍ය සඳහා සුබ­පැ­තුම් එක් කළාය.

අග­මැ­ති­නිය වැඩි­දු­ර­ටත් මෙසේ ද පැව­සු­වාය.

“මේ දේව­ස්ථා­නය සහ නග­රයේ තිබෙන අනෙ­කුත් ආග­මික ස්ථාන අතර තිබෙන සහෝ­ද­ර­ත්වය හා ළබැ­ඳි­යා­වෙන් සම­ගිය, සාධා­ර­ණ­ත්වය හා සමා­නා­ත්ම­තාව කියන හර­යන් වෙනු­වෙන් සිදු කරන මැදි­හ­ත්වීම අගය කළ යුතුයි. මාතර නග­ර­යට පම­ණක් නොවෙයි මේ රට­ටම ඒ අව­ශ්‍ය­තාව තිබෙ­නවා. ඒ ආද­ර්ශය අපිට අව­ශ්‍යයි. ඒ ආද­ර්ශය අප වෙත ලබා­දෙන ඔබ වහ­න්සේලා සියලු දෙනා වෙත මම ස්තූති­වන්ත වනවා, වගේම සමා­ජය වෙනු­වෙන් සිදු කරන මේ සේවය සහ සමාජ සාධා­ර­ණ­ත්වය වෙනු­වෙන් සිදු කරන මේ මැදි­හ­ත්වීම තව­දු­ර­ටත් ඉටු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කර­නවා.

බදුල්ල රද­ගුරු පදවි දරන අති­උ­තුම් ජූඩ් නිශාන්ත සිල්වා රද­ගුරු හිමි­පා­ණන් වහන්සේ, ගාල්ල රද­ගුරු පදවි දරන අති­උ­තුම් රේමන් වික්‍ර­ම­සිංහ රද­ගුරු හිමි­පා­ණන් වහන්සේ, ගාලු පදවි අනු නායක මයි­කල් රාජේ­න්ද්‍රම් පූජා ප්‍රසා­දීන් වහන්සේ, සිද්ධ­ස්ථාන පරි­පා­ලක ජූඩ් සම්පත් විලේ­ගොඩ පිය­තුමා ඇතුළු කිතුනු පිය­තු­මන්ලා මේ මංගල්‍ය අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

මාතර කොටුව රත්න­පාල පිරි­වෙනේ පරි­වේ­ණා­ධි­පති, මහා මන්තින්ද පිරි­වෙන් පරි­වේ­ණා­ධි­පති ශාස්ත්‍ර­වේදී පණ්ඩිත තිස්ස­ම­හා­රා­මයේ ඉන්ද්‍රා­නන්ද නායක ස්වාමීන් වහන්සේ, මාතර කොටු­වේ­ගොඩ ජය­සු­ම­නා­රාම විහා­රයේ විහා­රා­ධි­පති යටි­ගල සෝම­ති­ලක නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞර­ව­නීය මහා සංඝ­ර­ත්නය ඇතුළු සර්ව ආග­මික නාය­කයෝ මේ සඳහා එක්වූහ. කාන්තා හා ළමා කට­යුතු ඇමැ­තිනි සරෝජා පෝල්‍ ­රාජ්, විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස, දකුණු පළාත් ආණ්ඩු­කාර බන්දුල හරි­ස්චන්ද්‍ර මහත්ම මහ­ත්මීහු ද සහ­භාගි වී සිටි­යහ.

 

නුවන් කොඩි­කාර සහ ගන්දර සමූහ ජය­සිරි පේදු­රු­ආ­රච්චි

 

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *