Press "Enter" to skip to content

සණස ඉතිහාසයේ දැවැන්තම අලෙවි ප්‍රවර්ධන වැඩසටහන “සණස හීනලන්තය” දියත් කිරීම ඇරඹෙයි

මෙරට කීර්තිමත් ජීවිත රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ්, හඳුන්වා දෙන නවතම සහ විශාලතම පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවර්ධන වැඩසටහන 2025 සැප්තැම්බර් මාසයේ දී එළි දැක්වුණු අතර, ඓතිහාසික ගැටබරුව මහා විහාරස්ථානයේ ආශිර්වාදය සහිත ව මෙම ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ වීම විශේෂත්වයකි. මෙම නවතම ප්‍රවර්ධන වැඩසටහන හරහා සණස ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ට වටිනා ත්‍යාග රැසක් දිනා ගැනීමේ අවස්ථාව උදා වන බව පැවසිය යුතු ම කරුණකි.

දැනටමත් සණස ලයිෆ්‍ හා සම්බන්ධ වී සිටින පාරිභෝගිකයින්ට මෙන් ම නව පාරිභෝගිකයින්ට ද මෙම දිනුම් ඇදීමට සහභාගී විය හැකි අතර, එහි දී අදාළ සණස ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් අඛණ්ඩ ව වාරික ගෙවීම් තුනක් සම්පූර්ණ කළ පසුව දිනුම් ඇදීම සඳහා ඇතුළත් වේ. ඉහත දැක්වෙන පරිදි, සුදුසුකම් සපුරන සෑම රක්ෂණ ඔප්පු හිමියෙකුට ම දිනුම් ඇදීමට ඇතුළත් වීමේ අවස්ථාව ලැබෙන අතර, රක්ෂණ ඔප්පුවේ කාලය දිගු වීමත් සමඟ ත්‍යාග දිනා ගැනීමේ අවස්ථා ද වැඩි වේ.

මෙම ප්‍රවර්ධන වැඩසටහන මඟින් සෑම මසක ම ජයග්‍රාහී පවුල් 4කට සුපිරි වෙළෙඳසැලක සාප්පු සවාරියක් හිමි වන අතර, කාර්තුමය වශයෙන් ජයග්‍රාහකයින් 120 දෙනෙකු සඳහා පර්ල් බේ විනෝද උද්‍යානයේ විනෝදයෙන් පිරුණු දිනයක් ගත කිරීමේ අවස්ථාව හිමිවේ. ඊට අමතර ව, තෝරා ගනු ලබන තවත් ජයග්‍රාහකයින් 36 දෙනෙකුට සුන්දර ශ්‍රී ලංකාවේ අසිරිය දැක බලා ගැනීම වෙනුවෙන් හෙලිකොප්ටර් සෆාරි චාරිකාවක් හිමි වේ. මෙහි දී තෝරා ගනු ලබන තවත් ජයග්‍රාහකයින් 56 දෙනෙකුට තරු පන්තියේ හෝටලයක නවාතැන් ගැනීමේ අවස්ථාව ලබා දීමට සණස ලයිෆ් රක්ෂණ සමාගම කටයුතු කරයි. එමෙන් ම මෙම ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රධාන ත්‍යාග කාණ්ඩ 4ක් යටතේ ලබා දීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා වාසනාවන්ත ජයග්‍රාහකයින් 20 දෙනෙකුට අවස්ථාව හිමිවේ. එහි දී ප්‍රධාන ත්‍යාගයේ පළමු කාණ්ඩය ඉන්දියානු සංචාරයක් වන අතර, දෙවන කාණ්ඩයට අදාළ ත්‍යාගය වන්නේ සුන්දර මැලේසියානු සංචාරයකි. එමෙන් ම තෙවන කාණ්ඩය යටතේ සිංගප්පූරු සංචාරයක් සහ සිව් වන කාණ්ඩය යටතේ යුරෝපා සංචාරයක් ලබා දීමට සණස ලයිෆ් රක්ෂණ සමාගම කටයුතු කරයි.

මෙහි සමාරම්භක උළෙල පසුගිය දින මාතර දිස්ත්‍රික්කය මූලික කරගනිමින් මාතර සණස ලයිෆ් ශාඛාවේ දී පැවැත්විණි.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *