Press "Enter" to skip to content

බඳි­න්න හිටි පුතා පැදවූ වාහනයේ යද්දී තමයි මේ අන­තුර වුණේ

“මගේ රත්තරං දූට මේ වගේ දෙයක් වේවි කියලා මා හීනෙ­කි­න්වත් හිතුවේ නැහැ. අයියා එක්ක­රන් එන්න කියලා කොළඹ ගිය මගේ දූට මේ මොන­වද වුණේ. මගේ දූ සුරං­ග­නා­වියො අරං ගිහිල්ලා යැයි කිය­මින් ඊයේ (16) අලු­යම දක්ෂිණ අධි­වේගී මාර්ග­යේදී සිදු වූ වෑන් හා ලොරි රථ අන­තු­රින් මිය­ගිය තරු­ණි­යගේ මව වන ඩේසි පති­රණ මහ­ත්මිය හඬා වැටු­ණාය.

මෙසේ මිය­ගියේ තව­ලම, හල්වි­ටි­ගල පදිංචි පුෂ්ප­කු­මාරි සඳ­මාලී ගමගේ (35) මෙණෙ­වි­යයි.

කුඩා දරු­වන් තිදෙ­නකු ඇතු­ළුව පුද්ග­ල­යන් අට දෙනකු තරු­ණිය ගමන් ගත් වෑන් රථයේ සිට ඇති අතර, ඉතිරි හත් දෙනාම තුවාල ලබා රෝහල් ගත­කර තිබිණි.

ඊශ්‍රා­යල් රටේ රැකි­යාව කළ සිය සහෝ­ද­රයා මෙර­ටට පැමි­ණීම නිමි­ත්තෙන් ඔහුව රැගෙන ඒම සඳහා කටු­නා­යක ජාත්‍ය­න්තර ගුව­න්තො­ටට ගමන් කර­මින් සිටි­යදී ඇය මේ අවා­ස­නා­වන්ත ඉර­ණ­මට ගොදුරු වූවාය.

මගේ දූ කේක් හදන්න හරිම දක්ෂයි. ඕපා­තයි, තව­ල­මයි කේක් කඩ දෙකක් කර­නවා. එයා­ගෙම මහ­න්සි­යෙන් වාහ­නේ­කුත් ගත්තා. මුළු ඕපා­තම එයාට ආද­රෙයි. කවු­රුත් ඇයට කතා කළේ “යමී කේක් අක්කා, යමී කේක් නංගී කියලා. මගේ දූ මාස දෙක­කින් බඳි­න්නයි හිටියේ” යැයිද සඳ­මා­ලිගේ මව දැඩි ශෝක­යෙන් යුතුව පැව­සු­වාය.

පස් දෙන­කු­ගෙන් යුත් පවුලේ හත­ර­වැ­නියා සඳ­මාලි ගම­ගේය. තව­ලම විද්‍යා­රාජ විද්‍යා­ල­යෙන් ඉගෙ­නුම ලැබූ ඇය තව­ලම, හල්වි­ටි­ගල, ඕපාත ප්‍රදේ­ශ­වල කාගෙත් හිත් දිනා සිටි දිරිය දිය­ණි­යකි. තාත්තා කවු­රුත් හඳු­නන උඩු­ගම ලංගම ඩිපෝවේ සේවය කළ රංබ­ණ්ඩාය. සඳ­මා­ලිගේ හදිසි මර­ණය ගැන මිය­ගිය තරු­ණි­යගේ ලොකු අම්මා වන අනුරා පති­රණ මහ­ත්මිය පැව­සුවේ,

“අපේ දූ බඳින්න හිටියේ ලබන දෙසැ­ම්බර් මාසේ. ඒ පුතා පැදවූ වාහනේ යද්දී තමයි මේ අන­තුර වුණේ. රස කේක් හදන්න මේ දූ හරිම දක්ෂයි.

දක්ෂිණ අධි­වේගී මාර්ගයේ 9.6 වැනි කිලෝ­මී­ටර් කණුව අස­ලදී කොළඹ දෙසට ධාව­නය වෙමින් තිබූ ලොරි රථ­යක පිටු­පස මෙම වෑන් රථය ගැටී­මෙන් මෙම අන­තුර සිදුව ඇති බව පොලී­සිය පව­සයි.

හිනි­දුම – රවීන්ද්‍ර චන්ද්‍ර­ලාල්

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *