Press "Enter" to skip to content

ලංවිම විකුණන්න ගිය ආණ්ඩුව ගෙනා නීතිය වෙනස් කිරීම අපරාධයක් ද?

විදුලි සේව­ක­යන් අකු­රට වැඩ හෝ ලෙඩ නිවාඩු ගන්නේ විදු­ලි­බල මණ්ඩ­ලය පෞද්ග­ලි­ක­ර­ණය කිරී­මට පසු­ගිය ආණ්ඩුව ගෙනා නීතිය මේ ආණ්ඩුව වෙනස් කිරීම අප­රා­ධ­යක් නිසා දැයි ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ප්‍රශ්න කළේය.

ජනා­ධි­ප­ති­ව­රයා මේ බව පැව­සුවේ කොලො­න්නාව ඛනිජ තෙල් ගබඩා සංකී­ර්ණයේ ඛනිජ තෙල් ගබඩා ටැංකි හයක ඉදි­කි­රීමේ කට­යුතු ආරම්භ කිරීමේ අව­ස්ථා­වට ඊයේ (17) එක් වෙමිනි.

විදු­ලි­බල මණ්ඩ­ලය පෞද්ග­ලි­ක­ර­ණය කිරී­මට නීතිය සකස් කර තිබුණේ පසු­ගිය ආණ්ඩුව විසින් බවත් බල­ශක්ති ස්වාධි­ප­ත්‍ය­යට එම­ඟින් වන බල­පෑම දැක එම නීති වෙනස් කළේ වත්මන් ආණ්ඩුව බවත් ජනා­ධි­ප­ති­ව­රයා මෙහිදී කීවේය. ඒ නිසා ලෙඩ නිවාඩු හෝ අකු­රට වැඩ කර­නවා නම් ඒ අයට ඉදිරි මාස දෙකක කාලයේ තෝරා ගන්න මාර්ග තිබෙන බව ද හෙතෙම අව­ධා­ර­ණය කළේය.

එහිදී ජනා­ධි­ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේ ද පැව­සීය.

ජන­තා­වට අහි­ත­කර ලෙස බල­පාන කිසිම ඉල්ලී­මක් අපි දෙන්නේ නෑ. ආය­තන යන්ත්‍ර­ක­ර­ණය කළාට අපි යාන්ත්‍රික මිනි­සුන් නොවන බව මතක තබා ගන්න. ඉන්ධන ගෑස් නොමැ­තිව පෝලි­ම්වල ජන­තාව මිය­ගිය පන්නයේ අර්බු­ද­යක් නැවත ශ්‍රී ලංකාවේ ඇති වීමට ඉඩ තබන්නේ නෑ.

බල­ශක්ති ක්ෂේත්‍රයේ ස්වාධි­පත්‍ය ආරක්ෂා කර­මින් ආර්ථික ස්වාධි­ප­ත්‍ය­යක් ඇති කිරී­මට වත්මන් රජය කට­යුතු කර­මින් සිටි­නවා. එම ප්‍රග­ති­ශිලී පරි­ව­ර්ත­නය වෙනු­වෙන් සියලු ජන­තා‍වගේ සහ­යෝ­ගය අව­ශ්‍යයි. ජන­තා­වගේ බල­ශක්ති අව­ශ්‍ය­තාව සපු­රා­ලී­මට රජ­යට වග­කී­මක් තිබෙ­නවා. එම වග­කීම ඉටු කිරීම වෙනු­වෙන් වත්මන් ආණ්ඩුව කැප­වී­මෙන් කට­යුතු කර­නවා. ආණ්ඩුව ගෙන යන වැඩ­පි­ළි­වෙ­ළට කවර හෝ වෘත්තීය සමි­ති­යක් බාධා කර­නවා නම් ඒ වෙනු­වෙන් තීර­ණ­යක් ගන්න අප පැකි­ලෙන්නේ නෑ. ගතා­නු­ග­තික සම්ප්‍ර­දා­යෙන් ආය­ත­න­ය­කට ඉදි­රි­යට යන්න බැහැ. ඒ වගේම මිනිස් ශ්‍රම­යෙන් පම­ණක් ආය­ත­න­යක් ඉදි­රි­යට යන්නෙත් නැහැ. ආය­ත­න­යක් ඉදි­රි­යට යෑමට නම් තාක්ෂ­ණය හා විද්‍යාව එක් කළ යුතුයි. තාක්ෂ­ණය හෝ විද්‍යා­වට බය කිසි ආය­ත­න­යක් දියුණු වන්නේ නැහැ. තාක්ෂ­ණ­යට හෝ අලුත් දෙයක් කරන්න බිය වන රටක් ඉදි­රි­යට යන්නෙත් නැහැ. ඒ නිසා අප යාන්ත්‍රි­ක­ක­ර­ණ­යට ආය­ත­නය ලක් කළ යුතුයි. ආය­තන යාන්ත්‍රි­ක­ක­ර­ණය කළාට අප යාන්ත්‍රික නැහැ. අප තෙත­ම­න­යක් සහිත මිනිස්සු. ඒ නිසා ආය­තන යාන්ත්‍රික කිරී­මේදී සේව­ක­යන්ට සිදු වන දේ අප හොඳින් අව­බෝධ කර ඊට පිළි­යම් ලබා­දෙ­නවා. පරණ තියෙන අද­හස ආණ්ඩු­වක් පෙර­ළුණු විට පැවැති ආණ්ඩු පක්ෂයේ වෘත්තිය සමි­ති­යට අලු­තින් පත්වූ ආණ්ඩුවේ වෘත්තිය සමි­ති­යට බැඳෙන්න කියා බල කර­නවා. එහෙම නැතිව අනෙක් වෘත්තීය සමි­ති­වල අයට ගේට්ටු­වෙන් ඇතු­ළට එන්න දුන්නේ නෑ. තෙල් සංස්ථාවේ සේව­ක­යන් දේශ­පා­ලන ක්‍රියා­කා­ර­ක­ම්ව­ලට යොදා­ගෙන තිබුණා. ඉති­හා­සයේ ඡන්ද­පොළ මංකො­ල්ල­කෑ­මට පවා රාජ්‍ය සේව­ක­යන් යොදා­ගත්තා.

පසු­ගිය වස­රේදී වෙනස් කළේ එවැනි දේශ­පා­ලන සංස්කෘ­ති­යක්. එම­ඟින් කිසිදු රාජ්‍ය සේව­ක­ය­කුට හිර­හැර සිදු වුණේ නැහැ. අපේ රටේ පොදු ජන­තාව අපේක්ෂා කරන්නේ පැරණි විනා­ශ­කාරි අන්ත­යම ද? එහෙම ජන­තාව අපේක්ෂා කළා­නම් අපට ඡන්දය දෙන්නේ නැහැ. ඒ අය පැරණි පාල­කයෝ තෝරා­ග­න්නවා. පාර්ලි­මේන්තු මන්ත්‍රී ධුර 159ක් ලබා දෙන්නේ නැහැ. නමුත් සම­හර අය වෙනස් වෙන්න සූදා­නම් නැහැ. අපි ඒ අයට ආරා­ධනා කර­නවා වෙනස් වෙන්න සූදා­නම් වෙන්න කියලා. එසේ නැති­නම් අප තීන්දු ගන්න සූදා­නම්. මොකද අප හාර හාර බල බල වැඩ කරන්නේ නැහැ. මේ සිදු වූ ප්‍රග­ති­ශීලි පරි­ව­ර්ත­නය පටු දේශ­පා­ලන කෝණ­ය­කින් බලන්න එපා.

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමා­ගම නවී­ක­ර­ණය කිරී­මට ඉරාන නාය­කයා ඇවිත් මුල්ගල තැබුවේ මීට වසර පහ‍ළො­ව­කට විස්ස­කට කලින්. නමුත් එය නිසි කලට සිදු වුයේ නැහැ. එම නිසා විදු­ලි­බි­ලට පවා අම­තර බරක් පැමිණ තිබෙ­නවා. සපු­ග­ස්කන්ද තෙල් පිරි­ප­හ­දුව නවි­ක­ර­ණය කර­නවා වගේම ධාරි­තාව වැඩි කිරී­ම­ටත් අප කට­යුතු කර­නවා. ඒ වගේම තෙල් ගවේ­ෂ­ණය කිරීමේ වැඩ­පි­ළි­වෙළ ආරම්භ කිරී­මට විද්ව­තුන්, විද්‍යා­ඥ­යන් ස්වේච්ඡා­වෙන් ඉදි­රි­පත් වී තිබෙ­නවා.

අපේ ජන­තා­වට මැති­ව­රණ කාල­ව­ලදී තෙල් සොයා ගත්ත කතා අහන්න ලැබෙ­නවා. පළමු බොර­තෙල් බෝත­ලය හොයා ගත්තේ 1970 මැති­ව­ර­ණ­යේ­දීයි. නමුත් අප වෘත්තී­ය­වේ­දීන් කෙරෙහි විශ්වා­සය තබා ඔවුන්ට එහි වග­කීම් ලබාදී තිබෙ­නවා. අවශ්‍ය පහ­සු­කම් පම­ණක් රජය සප­ය­නවා.

ලංකා විදු­ලි­බල මණ්ඩ­ලයේ සේව­ක­යන් 26, 000ක් පාල­නය වෙන්නේ එක පාලන අධි­කා­රි­යක් යට­තේයි. එසේ තිබි­යදී ගැට­ලු­වක් මතු වූ විට නිශ්චි­තව එම කරුණ සොයා ගැනී­මට අප­හ­සුවී තිබෙ­නවා. අර්බු­ද­යට අයි­ති­කා­ර­යෙක් නැහැ. කලා­පයේ විදු­ලි­බිල වැඩි රට­ව­ල්වල ඉදි­රි­යෙන් ශ්‍රී ලංකා­වත් සිටින බව සම­හර අය කිය­නවා. අප එම නිසා විදුලි ඒක­ක­යක පිරි­වැය අවම කිරී­මට කට­යුතු කර­මින් සිටි­නවා. පසු­ගිය කාලයේ පුන­ර්ජ­න­නීය බල­ශ­ක්ති­යෙන් උත්පා­ද­නය කරන විදුලි ඒක­ක­යක මිල තිබුණේ ඉහළ මට්ට­ම­කයි. පුන­ර්ජ­න­නීය විදු­ලිය අව­භා­විත කර තිබුණා. සම­හර දිය­ඇලි දේශ­පා­ල­ක­යන්ගේ හයිය අර­ගෙන ලයි­සන් අර­ගෙන විකුණා තිබුණා. මේ ලයි­සන් ගත් සම­හර අයට විදු­ලි­බ­ලය ගැන කිසිම දැනු­මක් නැහැ. අප ආණ්ඩු බලය ලබා­ගන්න කලින් උතුරේ යම් භූමි­යක සුළං විදු­ලි­බ­ලා­ගා­ර­යක් ලබාදී තිබුණේ ඩොලර් ශත 8කටයි. අප ඒ භූමි­යම, ඒ සුළ­ඟම භාවිතා කර විදුලි ඒක­ක­යක් ඩොලර් ශත 4කට නිප­ද­වන ආය­ත­න­ය­කට ලබා දුන්නා. ඒ කියන්නේ විදුලි ඒක­ක­යක් නිෂ්පා­ද­නය කිරීම සිය­යට 50කින් අඩු කර ගැනී­මට අපට හැකි වුණා.

සිය­ඹ­ලා­ණ්ඩුවේ මෙගා වොට් 100ක සූර්ය විදුලි බලා­ගා­රයේ වැඩ කට­යුතු ආරම්භ කළා. මෙවැනි විශාල ව්‍යාපෘ­ති­යක් ආරම්භ කළේ පළමු වතා­ව­ටයි. මේ කිසිම ව්‍යාපා­රි­ක­යෙක් අප හඳු­නන්නේ නැහැ. අපේ මිතු­රන් නොවෙයි. අපට අවශ්‍ය වන්නේ රටට වාසි වන ව්‍යාපෘති සිදු කිරී­මයි. කෙර­ව­ල­පි­ටිය ආරම්භ වුණේ ඩීසල් බලා­ගා­ර­යක් ලෙසයි. නමුත් එය එල්.එන්.ජී. බලා­ගා­ර­යක් ලෙස පරි­ව­ර්ත­නය කිරී­මට විදු­ලි­බල ක්ෂේත්‍රයේ ප්‍රවි­ණයෝ යෝජනා කළා. එසේ සිදු කළ‍හොත් විදුලි ඒක­ක­යක් සිය­යට 50කට අඩු­වෙන් නිප­ද­විය හැකියි. නමුත් 2015-2019 ආණ්ඩුවේ ජනා­ධි­පති හා අග­මැති අතර ගැටුම ආවේ කෙර­ව­ල­පි­ටිය ලබා­දෙන්නේ කුමන සමා­ග­මට ද යන්න තෝරා ගන්න බැරු­වයි. එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස අද­ටත් කෙර­ව­ල­පි­ටිය එල්. එන්. ජී බලා­ගා­ර­යක් බවට පත් කරන්න බැරුව තිබෙ­නවා. එම නිසා විදු­ලි­බිල අඩු­නො­කි­රීම නිසා පාරි­භෝ­ගි­ක­යන් අප­හ­සු­තා­වට පත් වෙලා.

ඉදි­රි­යේදී ත්‍රිකු­ණා­ම­ලයේ රජය සතු තෙල් ටැංකි 24ක් නවී­ක­ර­ණය කර භාවි­ත­යට ගැනී­මට සැල­සුම් කර තිබෙ­නවා. ඊට අදාළ ගිවි­සුම් නිසි දිනට ආරම්භ කර නිම කිරී­මට අප බලා­පො­රොත්තු වෙනවා.

පසු­ගිය මාස 08 තුළ ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපි­යල් බිලි­යන 18. 2ක ලාභ­යක් ලබා තිබෙ­නවා. ශ්‍රී ලංකාවේ පාරි­භෝ­ගි­ක­යන්ට ඉන්ධන සප­යන්නේ ඛනිජ තෙල් සංස්ථාව පම­ණක් නොවෙයි. ඒ නිසා ඒ ලාභය ඍජුව ජන­තා­වට ලබා­දෙන්න බැහැ. ඒ නිසා එම ලාභය අධ්‍යා­ප­නය, සෞඛ්‍ය හරහා වක්‍රව ජන­තා­වට ලබා­දී­මට අප කට­යුතු කර­නවා. රාජ්‍ය ආය­තන 33ක් වසා දමන්න ආණ්ඩුව තීර­ණය කළා. එම ආය­ත­න­ව­ලින් ජන­තා­වට සේව­යක් සිදු වන්නේ නැහැ. ඒ ආය­ත­න­යට අයත් ඉඩ­මක් බදු දීලා සේව­ක­යින්‍ගේ වැටුප් ගෙවන සම­හර ආය­තන තිබෙ­නවා. එහෙම ආය­තන මේ රටට අව­ශ්‍යද? රාජ්‍ය සේවය වෙනු­වෙන් 2027 වන විට රුපි­යල් කෝටි 33, 000ක් වැටුප් වැඩි කිරි­මට වෙන් කර­නවා. නමුත් එවැනි ප්‍රති­ලා­භ­යක් ජන­තා­වට ලැබෙ­නවා ද කියන එක සිතන්න අව­ශ්‍යයි. ආණ්ඩුවේ ආය­ත­න­වල තානා­යම් තිබෙ­නවා. ඒවා වාණිජ භාවි­ත­යට ගෙන ආදා­යම් ලැබීමේ මාව­ත­කට ගෙන ආ යුතුයි. සම­හර දේශ­පා­ල­ක­යන්, හිටපු ජනා­ධි­ප­ති­ව­රුන් වසර 31ක් ඉඳලා තිබෙන්නේ රජයේ ගෙව­ල්වල. අප ඒවා වෙනස් කර­නවා. රට ශිෂ්ඨ සම්පන්න කිරී­මට අප කට­යුතු කර­නවා. පාල­කයෝ දේව­ත්ව­යට ආරූඪ කළ යුගය අප අව­සන් කළා. අප සියලු දේ දන්නේ නැහැ. දැනුම තිබෙන සියලු දෙනා කතා කරන්න. අප සිය­ලු­දෙ­නාට ඉඩදී තිබෙ­නවා. විද්ව­තුන් කතා නොකර සිටීම අප­රා­ධ­යක්. ඒ නිසා විද්ව­තුන් හා ක්ෂේත්‍රවල ප්‍රවී­ණ­යක් කතා කළ යුතුයි. ඔවුන්ගේ අද­හස් අර­ගෙන අප මේ රට හදන ගමන ඉදි­රි­යට ගෙන යනවා. අප තෙත­ම­න­යක් ඇති මිනිස්සු. ඒ නිසා 2022 වගේ තෙල් පෝලි­ම්වල, ගෑස් ­පෝ­ලි­ම්වල මිනිස්සු මැරුණා වගේ අර්බු­ද­යක් නැවත ඇති­වී­මට අප ඉඩ තබන්නේ නැහැ.

කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකී­ර්ණයේ ඛනිජ තෙල් ගබඩා ටැංකි හයක් ඉදි­කි­රීම සඳහා M/s Indo East Engineering – Ceylex Engineering JVආය­ත­නය වෙත රුපි­යල් බිලි­යන 3.7ක සම්පූර්ණ මිල­කට කොන්ත්‍රා­ත්තුව පිරි­න­මන ලදී. කොන්ත්‍රාත් කාලය මාස 24ක් වන අතර ව්‍යාපෘ­තිය 2027 සැප්තැ­ම්බර් මාස­යේදී අව­සන් කිරී­මට නිය­මි­තය.

බල­ශක්ති ඇමැති කුමාර ජය­කොඩි මහතා සඳ­හන් කළේ කොළොන්නාව නව ගබඩා ටැංකි ඉදි­කි­රීම මඟින් රටේ ඉන්ධන ගබඩා ධාරි­තාව බෙහෙ­වින් ශක්ති­මත් කරන අතර රටේ ඉහළ යන ඉල්ලුම සපු­රා­ලී­මට ඛනිජ තෙල් නිෂ්පා­ද­න­වල තිර­සර, කාර්ය­ක්ෂම සහ අඛණ්ඩ සැප­යු­ම­කට සහාය වනු ඇති බවයි.

කොළො­න්නාව ඛනිජ තෙල් ගබඩා සංකී­ර්ණයේ ඝන මීටර 15,000ක ටැංකි 03ක්, ඝන මීටර 7000ක ටැංකි 02ක් සහ ඝන මීටර 5000ක ටැංකි­යක් ඇතුළු ගබඩා ටැංකි 06ක් ඉදි කිරීමේ කට­යුතු ඊයේ (17) ආරම්භ කෙරිණි. බල­ශක්ති අමා­ත්‍යාං­ශයේ ලේකම් කේ.ටී.එම්. උද­යංග හේම­පාල, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමා­ගමේ (CPSTL) සභා­පති ආනන්ද රාජ­ක­රුණා මහ­ත්වරු සහ අමා­ත්‍යාංශ නිල­ධා­රීන් පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

උපාලි කරු­ණා­රත්න

 

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *