Press "Enter" to skip to content

සම­ථ­ක­ර­ණය ශක්ති­මත් කිරී­මෙන් උසාවි නඩු අඩු කර ගන්න පුළු­වන්

සම­ථ­ක­රණ ක්‍රියා­ව­ලි­යට මේ වසරේ රුපි­යල් බිලි­ය­න­ය­කට වඩා වැඩි ප්‍රති­පා­දන වෙන් කර තිබෙන බව අධි­ක­රණ සහ ජාතික ඒකා­බ­ද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානා­ය­ක්කාර මහතා පැව­සීය.

සම­ථ­ක­රණ ක්‍රියා­ව­ලිය ශක්ති­මත් කිරී­මෙන් අධි­ක­ර­ණයේ ගොඩ­ගැසී ඇති නඩු ලක්ෂ දෙකක් පමණ අඩු­කර ගැනී­මට අපේක්ෂා කරන බව ද ඇමැ­ති­ව­රයා පැව­සීය.

කොළඹ 07, පද­නම් ආය­ත­යේදී පෙරේදා (16) පැවැ­ත්වුණු ජාතික සමථ දිනය සැම­රීමේ උත්ස­වයේ ප්‍රධාන ආරා­ධි­තයා ලෙස එක්වෙ­මින් අධි­ක­රණ සහ ජාතික ඒකා­බ­ද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානා­ය­ක්කාර මහතා මේ අද­හස් පළ කළේය.

1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත යටතේ 1990 වසරේ ජූලි මස 18 වැනි දින සිට සමථ මූල මණ්ඩ­ලය පිහි­ටු­වී­මෙන් අන­තු­රුව පුරා වසර තිස් පහක් තුළ ස්වේච්ඡා­වෙන් හා කැප­වී­මෙන් ජාතික මෙහෙ­ව­රක් ඉටු කරන සමථ මූල මණ්ඩල සභා­ප­ති­ව­රුන් ඇතුළු සියලු සම­ථ­කාර මහත්ම මහ­ත්මීන්ට ගෞර­ව­නීය ප්‍රණා­මය පුද කිරීම උදෙසා සෑම වස­ර­කම ජාතික සමථ දිනය නමින් දින­යක් නම් කර එය සැම­රීම සිදු කරයි.

ඇමැ­ති­ව­රයා මෙහිදී සඳ­හන් කළේ සමථ මණ්ඩ­ලය වෙත වස­ර­කදී ආර­වුල් ලක්ෂ දෙක­කට වඩා වැඩි ප්‍රමා­ණ­යක් යොමු වන බවයි. ‘සම­ථ­ක­රණ ක්‍රියා­ව­ලි­යට මේ වසර ඉතාම සුවි­ශේෂී වර්ෂ­යක් වන අතර 2025 වර්ෂයේ අය – වැය මඟින් සමථ මණ්ඩල කොමි­ෂන් සභාව වෙත රුපි­යල් බිලි­ය­න­ය­කට අධික ප්‍රති­පා­දන ප්‍රමා­ණ­යක් වෙන් කර තිබෙ­නවා. එමෙන්ම සමථ මණ්ඩල ශක්ති­මත් කර ඉඩම් ආර­වුල් පිළි­බඳ විශේෂ සමථ මණ්ඩල දිස්ත්‍රික් 16ක පිහි­ටුවා ඇති අතර අධි­ක­ර­ණ­යට යොමු­වන මූල්‍ය ආර­වුල් ප්‍රමා­ණය අඩු කිරී­මට මූල්‍ය ආර­වුල් පිළි­බඳ විශේෂ සමථ මණ්ඩල හඳුන්වා දී තිබෙ­නවා. එහි පළමු පිය­වර වශ­යෙන් කොළඹ, ගම්පහ, අනු­රා­ධ­පුර, පොලො­න්න­රුව, මහ­නු­වර සහ මොන­රා­ගල දිස්ත්‍රික් හයේ විශේෂ මූල්‍ය ආර­වුල් පිළි­බඳ සමථ මණ්ඩල පිහි­ටු­වී­මට මේ වන විටත් කට­යුතු කර තිබෙ­නවා.

සමථ මණ්ඩ­ලය වෙත වස­ර­කදී ආර­වුල් ලක්ෂ දෙක­කට වඩා වැඩි ප්‍රමා­ණ­යක් යොමු වෙනවා. සම­ථ­ක­රණ ක්‍රියා­ව­ලිය ශක්ති­මත් කිරී­මෙන් අධි­ක­ර­ණයේ ගොඩ­ගැ­සී­මට තිබූ තවත් නඩු ලක්ෂ දෙකක් පමණ වස­ර­කදී අඩු කර ගැනී­මට අපේක්ෂා කර­නවා. අධි­ක­රණ පද්ධ­තිය ඩිජි­ට­ල්ක­ර­ණය කිරීමේ ව්‍යාපෘ­තිය හා සම­ගා­මීව සමථ මණ්ඩ­ල­වල ආර­වුල් දත්ත කළ­ම­නා­ක­රණ පද්ධ­ති­යක් ස්ථාප­නය කිරී­මට කට­යුතු කර­මින් සිටි­නවා. උසා­වි­ය­කින් ලැබෙන තීන්දු­ව­කට වඩා සමථ මණ්ඩ­ල­ය­කින් ලැබෙන තීන්දුව ඉතා මානු­ෂී­යයි. එහි දිනු­මක් හෝ පැර­දු­මක් නැතිවා සේම මාන­සික සුව­ය­කින් ද යුක්තයි. සම­ථ­ක­ර­ණය සෑම පුද්ග­ල­ය­කු­ටම කළ නොහැ­කියි. එයට සුවි­ශේෂී හැකි­යා­වන් තිබෙන්න ඕනෑ. මනු­ෂ්‍ය­යන්ට ආද­රය කරු­ණාව දක්වන පුද්ග­ල­යන් විය යුතුයි.

‘පොහො­සත් රටක් – ලස්සන ජීවි­ත­යක් ගොඩ­නැ­ඟීමේ ක්‍රියා­දා­මයේ අත්‍ය­ව­ශ්‍යම අංග­යක් ලෙස, සෑම පුර­වැ­සි­ය­කු­ටම නීති­යට සම ප්‍රවේ­ශ­යක් ලබා­දීම සහ­තික කරන නීතියේ ආධි­ප­ත්‍යය සුරැකි සමා­නා­ත්ම­තාව රජ­යන සමා­ජ­යක් බිහි කිරී­මට වර්ත­මාන රජය කැප වී කට­යුතු කර­නවා‘යැයිද ඇමැ­ති­ව­රයා කීය. දිස්ත්‍රික් සමථ පුහුණු නිල­ධා­රීන් ඇග­යී­මට සමරු තිළිණ පිරි­නැ­මීම ද මෙහිදී සිදු­විය. අධි­ක­රණ අමා­ත්‍යාං­ශයේ ලේකම් ජනා­ධි­පති නීතිඥ අයේෂා ජින­සේන මෙණෙ­විය, සමථ මණ්ඩල කොමි­ෂන් සභාවේ සභා­පති විශ්‍රා­මික ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු සී.පී. කීර්ති­සිංහ මහතා, සමථ මණ්ඩල කොමි­ෂන් සභාවේ ලේකම් තිළිණි රත්න­සූ­රිය මහ­ත්මිය, අධි­ක­රණ සහ ජාතික ඒකා­බ­ද්ධතා අමා­ත්‍යාං­ශයේ නිල­ධා­රීන් පිරි­සක් සහ සමථ මණ්ඩල කොමි­ෂන් සභාවේ සාමා­ජි­ක­යන් ඇතුළු නිල­ධා­රීන් පිරි­සක් මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.

බුද්ධිකා ඉඹු­ලාන

 

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *