Press "Enter" to skip to content

CDB 30 වැනි සංවත්සරය සමරමින් කොටස් වෙළෙඳපොලේ සීනුව නාද කෙරේ

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන අතර ප්‍රමුඛ සමාගමක් වන සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සිය අභිමානවත් 30 වැනි සංවත්සරය නිමිත්තෙන් පසුගිය සැප්තැම්බර් 09 වැනිදා කොළඹ කොටස් වෙළෙඳපොළේ එදින ගනුදෙනු සැසිවාරය ආරම්භයේදී සීනුව නාද කිරීමේ සාම්ප්‍රදායික චාරිත්‍රය සිදුකරන ලදී. නවෝත්පාදන හා අති නවීන තාක්ෂණය ඔස්සේ ගනුදෙනුකාරභවතුන්ට හෘද්‍යාංගම සේවාවක් සලසමින් ශ්‍රී ලාංකීය මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කළ CDB කොළඹ කොටස් වෙළෙඳපොළේ සීනුව නාද කිරීමේ සම්ප්‍රදායට එක්වීමත් සමග තම 30 වසරක ගමන්මගේ තවත් නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කළේය.

පිළිගැනීමේ කතාව ඉදිරිපත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ පත්කළ ප්‍රධාන විධායක නිලධාරිනී වින්ද්‍යා ජයසේකර මහත්මිය CDB සංවත්සරය වෙනුවෙන් සිය සුභාසිංශන එක් කළාය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය “වසර 30 ක් සම්පූර්ණ කිරීම CDB සමාගමේ ජයග්‍රහණයක් පමණක් නොවෙයි CDB සමග එක්ව සිටින ගනුදෙනුකාරභවතුන්, ආයෝජකයන් හා සියළු පාර්ශ්වයනුත් යන සියළුදෙනාගේම ජයග්‍රහණයක්. CDB කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගතව මේ වනවිට වසර 15ක් පමණ සම්පූර්ණ කරන මොහොතේදී ප්‍රාග්ධන වෙළෙඳපොළ සමග ශක්තිමත් අන්‍යොන්‍ය සබඳතාවයක් ඇතිකරගන්නට සමත්ව සිටින සමාගමක්. කොළඹ කොටස් වෙළෙඳපොළ සැමවිටම විනිවිද භාවයෙන් හා යහපැවැත්මකින් යුතුව ජාතික සංවර්ධනය උදෙසා කටයුතු කරන CDB වැනි සමාගම්වලට ඉතා කැමැත්තෙන් උපකාර කරනවා. ගතවුන දශක 3 ක කාලය පුරා CDB මූල්‍ය ක්ෂේත්‍රයේ වර්ධනයටත් ශ්‍රී ලාංකීය ජීවන තත්ත්වයන් උසස් කරලීමටත් දැක්වූ දායකත්වය ප්‍රශංසනීයයි.” යැයි පැවසීය.

CDB සභාපති ඇලෙස්ට කොරේරා මහතා සංවත්සරය පිළිබඳ අදහස් දක්වමින් “කොළඹ කොටස් වෙළෙඳපොළේ කීර්තිමත් සීනුව නාද කිරීමේ සාම්ප්‍රදායික අවස්ථාවට එක්වන්නට ලැබීම දශක 3 ක මූල්‍ය සේවාවේ අප ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්. සීනුව නාද කිරීම එක අතකට කොටස් වෙළෙඳපොළ තුල CDB පෙර හා පසු ලැයිස්තු ගත වීම් විදහා දැක්වූ කැඩපතක් වාගෙයි. සමාජයේ සෑම ස්ථරයක්ම ආවරණය කරමින් පරිපූර්ණ හා නම්‍යශීලී මූල්‍ය විසඳුම් ඉදිරිපත් කරමින් ගනුදෙනුකාරභවතුන් වගේම ආයතනයත් ජයග්‍රහණ ලබාගනිමින් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැංවීම කෙරෙහි CDB අපගේ අනාගතවාදී දායකත්වය සීනුව නාදවීමත් සමග සංකේතමත් වූවා.” යැයි පැවසීය.

CDB 30 වැනි සංවත්සරය පිළිබඳ එහි කළමනාකර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානයක්කාර මහතා අදහස් දක්වමින් පළමු වසර 15 ආයතනික ගමන් මග තුළ රුපියල් බිලියන 10 ට වඩා අඩු ශේෂ පත්‍ර පැවති CDB ලැයිස්තුගත සමාගමක් බවට පත්වීමෙන් පසු 2011 සිට 2025 වසර දක්වා ගත වූ වසර 15 තුළ 17 ගුණයකට වඩා වැඩි අද්විතීය වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇති බවත් මේ වනවිට CDB සතු මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 170 කට අධික බවත් පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා “30 වසරක් වැනි දීර්ඝ කාලයක් ආයතනය සාර්ථකත්වය වෙත රැගෙන ඒමට උරදුන් කාර්ය මණ්ඩලයටත්, ගනුදෙනුකාරභවතුන්ටත් සහ ව්‍යාපාරික සහකරුවන්ටත් ආයතනය වෙනුවෙන් මගේ හෘද්‍යාංගම ස්තූතිය පිරිනමනවා.
30 වසරක අත්දැකීම් සමග තවත් ඉදිරියට එමින් People,Planet.Profit හෙවත් 3P තිරසර ආයතනික ප්‍රතිපත්තිය සමග ඉදිරියටත් ශ්‍රී ලාංකිකයන් සවිබලගන්වමින් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැංවීමට දායක වන්නට CDB අප සූදානම්.” යැයි පැවසීය.

 

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *