Press "Enter" to skip to content

මාලිමාණ්ඩුවක් නාවා නම් ලංකාව අයිස්ලන්තයක් වෙලා තංගල්ල අගනගරය වෙන්නයි ගියේ

පැවති ආණ්ඩුවම තවත් කාලයක් තිබුණේ නම් ශ්‍රී ලංකාව අයිස් ලන්තයක් බවට පත්වීමට ඉඩ තිබූ බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙසේ පැවසුවේය.

“ඒ ආණ්ඩුවම අදත් තිබුණා නම් අපේ රටේ නම් අයිස්ලන්තය. අග නගරය තංගල්ල වෙන්න තිබීබ්බා.

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තංගල්ල ප්‍රදේශයෙන් කිලෝ හත්සිය පහක් අතඅඩංගුවට ගත්තා. අන්න එතැන තමයි රට තිබුණේ.

අපි මේ ගුරු සේවයේ තිස් දහසක පුරප්පාඩු පාසල් සංවර්ධන නිලධාරීන්ට යම් ප්‍රමුඛතාවක් ලැබෙන පරිදි සාධාරණ ලෙස විසඳන්න සැලසුම් කරලා තියෙනවා.

ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ දැනට වසමි වල ඉන්න ආර්ථික සංවර්ධන නිලධාරීන්ට එදා රාජපක්ෂ පාලනය තුළ ඇට බෙදන්න, පැළ බෙදන්න, බාල්දි, ළිප් බෙදන්න විදිහට තමයි රාජකාරී පවරලා තිබුණේ.

අපේ ආණ්ඩුව යටතේ ප්‍රජා ශක්ති තුළින් ඒ නිලධාරීන්ට පැහැදිලිවම රාජකාර්ය කරන්නත් වෘත්තීමය වටිනාකමකුත් ඇති කරලා තියෙනවා.

ඒවගේම විදුලි බල මණ්ඩලය රැක ගන්නටත් රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න සියලු සැලසුම් අනුව ගමන් කරන්නේ”

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *