Press "Enter" to skip to content

සෙලාන් බැංකුව Home Lands සමග එක් වී සුවිශේෂී නිවාස ණය පහසුකම් එකතුවක් හඳුන්වා දෙයි

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව සහ ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ අංක එකේ දේපළ වෙළඳාම් සමූහය ලෙස සැලකෙන Home Lands Group අතර ක්‍රමෝපායික හවුල්කාරීත්වයක් සඳහා පසුගියදා අත්සන් තබන ලදී. මෙම හවුල්කාරීත්වය යටතේ, Home Lands සමූහය වෙතින් සෘජුවම මිලදී ගන්නා නිවාස, මහල් නිවාස සහ ඉඩම් සඳහා සෙලාන් බැංකුව විසින් විශේෂ ණය පහසුකම් පිරිනමනු ඇත.

මෙහි විශේෂත්වය වන්නේ, අදාළ දේපළෙහි වටිනාකමින් 90% ක් දක්වාම ණය පහසුකම් ලබාගැනීමට හැකි වීමය. සෙලාන් බැංකුව මගින් ලබාදෙන ඉහළම නිවාස ණය ප්‍රතිශතය මෙය වන අතර, Home Lands සමූහය සිය විසි වසරක ඉතිහාසය තුළ පෙන්නුම් කර ඇති විශ්වාසනීයත්වය සහ එහි මූල්‍ය ශක්තිය සම්බන්ධයෙන් සෙලාන් බැංකුව තුළ ඇති විශ්වාසය මෙමගින් මැනැවින් පිළිබිඹු වේ.

අදාළ සුදුසුකම් සපුරාලන ගනුදෙනුකරුවන්ට රාජකාරි දින 7 ක් වැනි කෙටි කාලයක් ඇතුළත ණය සඳහා අනුමැතිය හිමි වනු ඇත. එම ණය මුදල් ආපසු ගෙවීම සඳහා වසර 25 ක් දක්වා කාලසීමාවක් හිමි වන අතර, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවය හා හැකියාව අනුව ආපසු ගෙවීමේ සැලසුම තීරණය කරගත හැකි වේ. එමෙන්ම නිවාස ණය පහසුකම් ලබාගන්නා ගනුදෙනුකරුවන් වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ලබාදීමටද සෙලාන් බැංකුව සූදානමින් සිටී.

සෙලාන් බැංකුව මගින් Home Lands දේපළ සඳහා ලබාදෙන ණය පහසුකම්වල තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ, 9.0% (වා.ස.පො.අ.) සිට ඉහළට විශේෂ පොලී අනුපාත හිමි වීමය. ණය අයදුම් කිරීමේ ක්‍රියාවලිය පුරාවට ගනුදෙනුකරුවන්ට පැහැදිලි මගපෙන්වීමක් ලබාදීම සඳහා සෙලාන් බැංකුවේ නිවාස ණය විශේෂඥයෝ සූදානමින් සිටිති. මෙම සේවාව සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන අතර, අවශ්‍ය අවස්ථාවලදී ගනුදෙනුකරුවන් වෙතටම පැමිණ සේවාවන් ලබාදීමටද ඔවුන් කටයුතු කරනු ඇත. තවද ලිපිලේඛන කටයුතු සහ ණය අනුමත වීමෙන් පසු ක්‍රියාවලිය සඳහා අවශ්‍ය සහයෝගය දිවයින පුරා විසිරුණු සෙලාන් බැංකු ශාඛා වෙතින් ලබාගත හැකි වේ.
“ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් නිවාස හිමිකරුවන් බවට පත්කිරීමට අවශ්‍ය මූල්‍ය සහයෝගය ලබාදීම අපගේ ඉලක්කයයි. Home Lands සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය එහි තවත් ඉදිරි පියවරක්. ඉක්මනින් ණය අනුමත කිරීම, ආපසු ගෙවීම සඳහා වැඩි කාලයක් ලබාදීම සහ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන සේවාවක් පිරිනැමීම ඔස්සේ බොහෝ දෙනෙකුගේ නිවාස සිහින සැබෑ කිරීමට අපට හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා.” සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ) ඉයුජීන් සෙනෙවිරත්න මහතා පැවසීය.

“මෙම හවුල්කාරීත්වය, අපගේ පාරිභෝගිකයන් වෙනුවෙන් ඉහළම වටිනාකම් තිළිණ කිරීම සඳහා අප ගන්නා සාමූහික උත්සාහයේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකියි. එමෙන්ම එය Home Lands සහ සෙලාන් බැංකුව අතර පවතින දීර්ඝකාලීන හවුල්කාරීත්වයේ ශක්තියට මනා සාක්ෂියක්. මෙම හවුල්කාරීත්වය වසරින් වසර ශක්තිමත් වෙමින් ඉදිරියට යනු ඇතැයි මා විශ්වාස කරනවා.” Home Lands සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂිකා අමායා හේරත් මහත්මිය පැවසුවාය.
Home Lands වෙතින් දේපළ මිලදී ගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට සෙලාන් බැංකුවේ මෙම විශේෂ ණය පහසුකම් සඳහා දැන් අයදුම් කළ හැකි වේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා සෙලාන් බැංකුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 011 200 88 88 අමතන්න. Home Lands නිවාස ව්‍යාපෘති සහ ඒවා පරීක්ෂා කර බැලීමේ අවස්ථා සඳහා එම සමාගමේ ක්ෂණික ඇමතුම් අංකය වන 011 2 888 77 අමතන්න.

 

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *