Press "Enter" to skip to content

සණස ලයිෆ් රක්ෂණ සමාගම 2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා නිල අනුග්‍රාහකත්වය ලබා දෙයි

25 වන වරටත් සංවිධාන කෙරෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025 සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත ය. මෙවර පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා නිල රක්ෂණ සහකරු ලෙස සිය අනුග්‍රාහකත්වය ලබා දීමට මෙරට කීර්තිමත් ජීවිත රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් රක්ෂණ සමාගම කටයුතු කරන අතර, මෙරට ජනතාව තුළ අධ්‍යාපනය සහ දැනුම වර්ධනය කරමින් ප්‍රජා සංවර්ධනයට සහාය වීම සඳහා සණස ලයිෆ් රක්ෂණ සමාගමේ කැප වීම මෙම සහයෝගිතාව හරහා පිළිබිඹු වේ.

මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුළ විශ්වසනීය නාමයක් ගොඩනඟා ගෙන ඇති සණස ලයිෆ් රක්ෂණ සමාගම, ආර්ථික, සාමාජීය හා පාරිසරික වශයෙන් රටේ සංවර්ධනය සඳහා දායක වන සමාගමක් ලෙස සණස ලයිෆ් රක්ෂණ සමාගම, ජාතිකමය වශයෙන් වැදගත් වන මෙවැනි වැඩසටහන් සඳහා නිරන්තරයෙන් සිය දායකත්වය ලබා දෙයි. සණස ලයිෆ් රක්ෂණ සමාගම, මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා සිය අනුග්‍රාහකත්වය ලබා දීම තුළින් ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිත අවදානම ආවරණය කිරීමට මෙන් ම ජනතාව මානසික වශයෙන් සවි බල ගැන්වීමට එම සමාගම දක්වන දායකත්වය පිළිබිඹු වන අතර, ශ්‍රී ලාංකිකයින් තුළ සාක්ෂරතාව වර්ධනය කරමින් අධ්‍යාපනික ක්ෂේත්‍රය වර්ධනය වෙනුවෙන් එම සමාගම අඛණ්ඩ ව කැප වෙයි.

මෙම සහයෝගිතාව පිළිබඳ ව අදහස් දක්වමින් සණස ලයිෆ් රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නුවන්ප්‍රිය ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, “ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය, ශ්‍රී ලංකාවේ ලොකු පොඩි සියලු ම පාඨකයින් අතර වඩාත් ජනප්‍රිය සාහිත්‍ය අංගයක් විදියට අපි හඳුනා ගෙන තිබෙනවා. ඒ වගේ මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලාංකික පාඨකයින්, ලේඛකයින්, පොත් ප්‍රකාශකයින්, සිසු සිසුවියන් සහ දැනුම සොයා යන්නන් ආදී වශයෙන් විවිධ තරාතිරම්වල පුද්ගලයින් එක්රැස් වන වාර්ෂික උත්සවයක් ලෙස හඳුන්වා දිය හැකි යි. සණස ලයිෆ් රක්ෂණ සමාගම, ශ්‍රී ලාංකික ජනතාවගේ හදගැස්ම හොඳින් හඳුනන, ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳ ව ඉතා හොඳ අවබෝධයකින් යුතු ව ක්‍රියාත්මක වන සමාගමක්. එම නිසා ම මෙම සහයෝගිතාව හරහා, සණස ලයිෆ් ආරක්ෂාව වගේ ම ජනතාවගේ දැනුම වර්ධනය කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. එම නිසා ම මෙවැනි ජාතික වැඩසටහන්වලට ඉදිරියේ දීත් අපි අපගේ පූර්ණ සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වෙන බව පැවසිය යුතු ම යි. පොත් අපට ආලෝකය කරා ගමන් කිරීමට මඟ පෙන්වනවා සේම, ජීවිතයේ අවදානම අවම කරමින් විශ්වාසයෙන් යුතු ව ජීවිතය සොයා යාමට සණස ලයිෆ් රක්ෂණ සමාගම ශ්‍රී ලාංකික ජනතාවට සහයෝගය ලබා දෙන බව මේ අවස්ථාවේ දී අවධාරණය කිරීමට කැමතියි. ඒ වගේ ම මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සාර්ථකත්වය සඳහා සුබ පැතීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ” යනුවෙනි.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *