ෙකාබන් විමෝචනය අවම කිරීමේ ගෝලීය ඉලක්කය වෙත සියළු රටවල් පරිවර්තනය වන මොහොතක විද්‍යුත් වාහන වෙත වැඩි අවධානයක් යොමුව පවතී. එවන් තීරණාත්මක අවස්ථාවක ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන වෙළඳපල අර් බුදයකට මුහුණ පා ඇත. මෙයින් ගම්‍ය වන්නේ තිරසාර ප්‍රවාහන මාදිලි ලංකාවෙන් ගිලිහි යන බවද ? ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කෙරුණු නව වාහන අතර විද්‍යුත් වාහන 15% ප්‍රතිශතයක් වූ බව ප්‍රමුඛ වෙළඳපල විමර් ශනයක් වාර් තා කර තිබුණි.
පසුගිය වසරේ මුල් භාගයේ ගෝලීය වෙළඳපල තුල විද්‍යුත් වාහන මිලියන 7කට වඩා විකිණී ඇති බව අන්තර්ජාතික වෙළඳපල සමීක්ෂණ පෙන්වාදෙයි. එය ගෝලීය සැහැල්ලු වාහන වෙළඳපලෙන් 17% ප්‍රතිශතයක් බව මෙම සමීක්ෂණ අනාවරණය කරයි.
ඇමරිකාවේ වොෂින්ටන් නගරය මූලස්ථානය කරගත් පිරිසිදු ප්‍රවාහනය සම්බන්ධ අන්තර්ජාතික කවුන්සිලය (International Council on Clean Transportation – ICCT) මෑතකදී ප්‍රකාශයට පත්කළ වෙළඳපල විමර් ශනයක සඳහන් කර තිබුනේ චීනය, යුරෝපය, ඇමරිකාව හා ඉන්දියාව 2024 මුල් භාගයේ ගෝලීය විද්‍යුත් වාහන වෙළඳපලෙන් 86%ක් නියෝජනය කල බවයි. එහීදී, ආසන්න වශයෙන් විද්‍යුත් වාහන 58,000ක අලෙවියක් තුලින් ගෝලීය සැහැල්ලු වාහන වෙලදපලෙන් 2%ක් අත්පත් කරගන්න ඉන්දියාව සමත් වී ඇත.
2035 වනවිට ගෝලීය විද්‍යුත් වාහන විකිණුම් විශාල ලෙස ඉහල යා හැකිබව පර් යේෂකයින් අනුමාන කරන අතර එය අන්තර් ජාතික වෙළඳපලේ 42.5% ක ප්‍රතිශතයකට ලඟාවිය හැකි බව පෙන්නුම් කරයි (‘Forecasting the trajectory of electric vehicle sales and the consequences for worldwide CO2 emissions’ by N. Rietmann, B. Hügler, T. Lieven, 2020). වෙනත් පර් යේෂණ දත්ත අනුව 2029 වනවිට විද්‍යුත් වාහනවල ඒකක විකිණුම් මිලියන 18.84ක් දක්වා ඉහල යා හැකි බව අනුමාන කෙරේ.
ICCT ආයතනයේ විශ්ලේෂණයක සඳහන් ව තිබූ අයුරින්: “වියට්නාමයේ VinFast සහ තුර් කියේ Togg වැනි දේශීය වාහන නිෂ්පාදකයින් EV අලෙවියේ ආධිපත්‍යය දැරූ අතර, පරිනත මෝටර් රථ නිෂ්පාදකයින් සහ BYD වැනි නවකයින්ගේ මිශ්‍රණයක් අනෙකුත් වෙළඳපලවල විකුණුම්වල ආධිපත්‍යය දැරීය. 2024 පළමු භාගයේදී EV අලෙවියෙන් 83% ක් ඇතුළත් මෙම වෙළඳපලවල විකුණුම්වල BEVs ද ආධිපත්‍යය දැරීය.”
ගෝලීය ප්‍රවණතාවය හමුවේ විද්‍යුත් වාහන කෙරේ ශ්‍රී ලංකාවේ පිළිගැනීම දුර්වල මට්ටමක පවතී. ඉහල ආනයනික බදු නිසා ඇතිවී තිබෙන සීමා කිරීම ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් හා විද්‍යුත් වාහන වෙලඳපලේ වර්ධනය අඩාල වෙන ලක්ෂණ පෙන්නුම් කරයි. එයින් සිමා වනුයේ ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන තිරසාර සංවර් ධන තලයන්ට ලඟා වීමේ අවකාශයයි.
විද්‍යුත් වාහන ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්නේ 2013 වසරේදී පමණය. මෙම වාහන ආනයනයට බලපැවැත්වෙන බදු ගණනය කිරීමේ ක්‍රමවේදයට එතෙක් පැවති ක්‍රමවේදයම යොදාගත් අතර එය විද්‍යුත් වාහන හා දහන එන්ජින් වාහන අතර පවතින තාක්ෂණික වෙනස සලකා බැලු ආකාරයක් දක්නට නොමැත. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පනවා ඇති රෙගුලාසි අනුව අදටත් විද්‍යුත් වාහන ආනයනයේදී භාවිතා කරනුයේ වාහනයේ මෝටර් ධාරිතාවයි.
2025 පෙබරවාරි වනවිට ඉවත් කලද 2020 දී පනවන ලද වාහන ආනයන තහනමෙන් විද්‍යුත් හා හයිබ්‍රිඩ් වාහන වෙළදපලට ඍනාත්මක බලපෑමක් එල්ල විය.
විද්‍යුත් වාහන හා හයිබ්‍රිඩ් වාහන ආනයන සඳහා ඉහළ බදු පැනවීම විවේචනයට ලක් වුවද, ආනයන නිෂ්කාශන ක්‍රමවේදයේ ප්‍රශ්නකාරී තත්වයක් හේතුවෙන් BYD වාහන විශාල ප්‍රමාණයක් රේගුව තුළ සිරවීමට මුහුණ දෙන තෙක්, අනුගමනය කරන ලද බදු ක්‍රමය විශේෂඥයින් හෝ ප්‍රතිපත්ති තීරණ ගන්නන් විසින් පුළුල් සාකච්ඡාවකට ප්‍රමුඛව ගනු ලැබුවේ නැති බවයි වෙළදපල මතය.
බලධාරීන් යම් යම් කොන්දේසි වලට එකඟ වී මාසයකට පමණ පෙර BYD වාහන තොගයේ කොටසක් නිදහස් කළද, මූලික ගැටළුව තවමත් පවතින අතර, පද්ධතියට ගැඹුරු සමාලෝචනයක් අවශ්‍ය බව පෙනේ. ආනයනය කරනු ලබන වාහනවලට ගැලපෙන පරිදි සමස්ත වාහන ආනයන නියාමන පද්ධතිය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මෙම කාරණය බලපානු ඇතැයි ව්‍යාපාර ප්‍රජාව බලාපොරොත්තු වේ.
ශ්‍රී ලංකාවේ සමස්ත වායු දුෂණයෙන් 70% කට වගකිවයුත්තේ කල් ඉකුත්වූ වාහනවලින් යුක්ත රටේ ප්‍රවාහන පද්ධතිය බව විද්වතුන් පෙන්වා දෙයි. 2024 දී Daily FT පුවත්පතට ලියු ලිපියක මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රික් ඉංජිනේරු විද්‍යාව සම්බන්ධ මහචාර්ය අනුර විජයපාල මේ පිළිබඳව කරුණු දක්වා ඇත. කෙසේවුවද ගෝලීය වායු දුෂණය, ෆොසිල ඉන්ධන හිඟය වැනි කරුණු හමුවේ ශ්‍රී ලංකාවද අන් රටවල් හා සමාන ප්‍රශ්නවලට මුහුණ දේ.
තිරසාර ප්‍රවාහනය යනු හරිතාගාර වායු විමෝචනය අවම ව පවතින මහජනතාවට කාර්යක්ෂම හා දැරිය හැකි සැපයීමක් දිරිමත් කරන ප්‍රවාහන පද්ධතියක් වේ. ජනතාවට, පුද්ගලික හා පොදු ප්‍රවාහන අවශ්‍යතා සඳහා දැනට පවතින ප්‍රධානම තිරසාර ප්‍රවාහන ක්‍රමවේදයකි විද්‍යුත් වාහන. තිරසාර සංවර් ධනය සාක්ෂාත් කරගැනීමට 2030 වනවිට 14.5%කින් හරිතාගාර වායු විමෝචනය අවම කිරීමටද 2050 වනවිට කාබන් මධ්‍යස්ථභාවය ද සාක්ෂාත් කරගැනීමට ද ශ්‍රී ලංකාව දැනටමත් කැපවී ඇත.
EV සහ එහි ක්‍රියාකාරිත්වය සලකා බලන විට, මෝටරය, මෝටර් පාලකය ප්‍රතිදානය (output) සඳහා එකට ක්‍රියා කරන අතර එම නිසා පවතින නියාමන නිර් නායක අදාළ කිරීමට අපහසුවේ. ශ්‍රී ලංකාවේ වාහන ආනයනය සඳහා රේගු නිෂ්කාශනවල සම්මත පිළිවෙත වන්නේ නිෂ්පාදකයාගේ සහතිකය භාවිතා කිරීමයි. නමුත් මෙය අදාළ BYD වාහන තොගය සම්බන්ධයෙන් අනුගමනය කර නොමැති බවයි පෙනී යන්නේ.
සිංගප්පූරුව සහ වියට්නාමය වැනි රටවල, ආනයනික වාහන නිෂ්කාශනය කිරීමේදී නිෂ්පාදන සම්භවය (origin) තහවුරු කරන ලිපියක් හෝ නිෂ්පාදකයාගෙන් ලිපියක් සාමාන්‍ය කොන්දේසියක් ලෙස භාවිතා වේ. වාහන ආනයනය කිරීමේදී පවතින නිර් ණායක වලින් ඔබ්බට ගොස් වඩාත් ගැලපෙන තාක්ෂණිකව වඩාත් නිවැරදි ක්‍රමවේදයක් තීරණය කිරීමට ශ්‍රී ලංකා රේගු දෙපාර් තමේන්තුව පත්කළ තාක්ෂණික කමිටුවට (BYD වාහන තොගය නිෂ්කාශනය කිරීමේදී මෝටර් ධාරිතාව භාවිතා කිරීම නිර්ණය කිරීම වෙනුවෙන් පත්කළ) හැකිවේවිද යන්න අවංකව ප්‍රශ්න කිරීමට සිදුව ඇත.
ශ්‍රී ලංකාවේ වාහන ආනයනය කිරීමේ ක්‍රමවේදය, තාක්ෂණික ව වඩාත් සුදුසු වෙළදපලට වඩාත් ගැලපෙන අයුරින් අනාගත ගෝලීය වෙළදපලට උචිතව සංශෝධනයට ලක් වුනි නම් එය රජයටත්, වෙළඳ ප්‍රජාවටත්, පාරිභෝගික ජනතාවටත් එකසේ වාසි සහගත වේ.
විවිධ ක්ෂේත්‍රවල අර් බුදකාරී තත්ත්වයන් හමුවේ ප්‍රතිපත්ති සකස් කිරීමේදී අයහපත් අත්දැකීම්වලට මුහුණදීමට සිදූවූ අවස්ථා ශ්‍රී ලාංකීය ඉතිහාසය තුළ වාර් තාවී ඇත. මෙයද එවන් අවස්ථාවක් නොවිය යුතුය. සියලුම වාහන ආනයන කාණ්ඩ සඳහා සාධාරණ ලෙස අදාළ වන ක්‍රමයක් තිබිය යුතුයි. වංචාවක් සිදුවුවහොත්, එම අංශයේ සියලු දෙනාගෙන්ම සමාන කොන්දේසි මත විමසීමට, ප්‍රශ්න කිරීමට, පැහැදිලි කිරීම් ලබා ගැනීමට නිර්ණායක තිබිය යුතුයි.
තිරසාර, දැරිය හැකි ප්‍රවාහන ක්‍රමවේදයක් ශ්‍රී ලංකාව සමෘද්ධිමත් අනාගතය කරා ගෙන යන ප්‍රධාන සාධකයක් බව අපි මතක තබා ගනිමු.
Be First to Comment