Press "Enter" to skip to content

වාහනවල ඉදිරිපස මේවා අලවන්න බෑ

දෛනිකව සිදුවන රිය අනතුරු වැඩිවීමත් සමගම රථවාහන නීති රීති දැඩි කිරීමටද තීරණය කර තිබේ.

ඒ අනුව කාලෙන් කාලෙට විවිධ නීති සහ නියාමනයන් පනවන අතර තවත් නීතියක් පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නැවතත් අවධාරණය කර තිබේ.

ඒ අනුව රථ වාහනවල ඉදිරිපස වීදුරුවල නීතිඥවරුන් වෛද්‍යවරුන් හෝ වෙනත් වෘත්තිකයන්, පාසල් හෝ විශ්ව විද්‍යාල හැඟවීමට විවිධ ලොකු කුඩා ස්ටිකර් ඇලවීම නීති විරෝධී බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

රථ වාහනවල ඉදිරිපස වීදුරුවේ ඇලවීමට අවසර ඇත්තේ ආදායම් බලපත්‍රය පමණක් බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම අභ්‍යන්තරයට හිරු එළිය වැළැක්වීම සඳහා ඉදිරිපස වීදුරුවේ ඉහළ පහෙන් එකක කොටසක් අඳුරු කිරීමටද අවසර ඇත.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *