Press "Enter" to skip to content

ආර්ථිකය ස්ථාවර කළා.. බදු වැඩි කිරීම අවශ්‍ය නෑ…ජනතාවට සහන දෙන්න පුළුවන්…!

මේ වන විට ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට පැමිණ ඇති හෙයින් තව දුරටත් බදු වැඩි කිරීමේ ඉලක්කයකට නොයා ජනතාවට පහසුකම් සැලසීම පිළිබඳ හැකියාව පවත්නා බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති පවසයි.

“ඇත්තටම දැන් අපේ ආදායම් තත්ත්වය හොඳ මට්ටමක තියෙන්නේ. ඒ නිසා ජනතාවට වැඩිපුර පහසුකම් දෙන්න, ජනතාවට සහන දෙන්න පුළුවන් ආර්ථිකයක් හැදෙමින් තියෙනවා. අපි පළමු වෙනි අවුරුද්ද කොහොමත් ගතකළේ ආර්ථිකය ස්ථාවර කරගන්න.

ඒ ස්ථාවර කරන ඉලක්ක සම්පූර්ණ කරලා තියෙනවා. අපනයන ආදායම් වැඩිවෙලා තියෙනවා. ආයෝජන වැඩිවෙලා තියෙනවා. විදේශ ශ්‍රමිකයින්ගෙන් ලැබීම් වැඩිවෙලා තියෙනවා. සංචාරක කර්මාන්තයේ ලැබීම් වැඩිවෙලා තියෙනවා.

ඒ නිසා තවදුරටත් බදු වැඩි කිරීමේ ඉලක්කවලට යනවාට වඩා බදු සාධාරණීකරණය කරලා ජනතාවට පහසුකම් සැලසීමේ ඉලක්කවලට යාමේ හැකියාව අපට තියෙනවා.”

More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *