Press "Enter" to skip to content

බෑ කිව්ව රනිලුත් රිමාන්ඩ් කළා නෙ… තව අවුරුදු දෙකක් යද්දි ඔක්කෝම ඇතුළේ….!

පසුගිය ආණ්ඩු කාලයේ සිදුවූ අපරාධ යටගැසීමට එම පාලකයින් කටයුතු කර ඇති බැවින් ඒවාට නීතිය ක්‍රියාත්මක කිරීමේදී යම් කාලයක් ගතවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

“නිකම් ඩොක්ටර් ෂාෆිව උස්සන් ගියා වගේ අපි එහෙම කරන්නෙ නැහැ. එහෙම කරන්න ඕනෙ නැහැ. යම්කිසි වෙලාවක් අරන් ඕනෙ නීතිය ක්‍රියාත්මක වෙන්න. නීතිය විස්සයි විස්ස මැච් එකක් වගේ කරන්න හොඳ නෑ. යම් කන්සල්ටේෂන් එකක්, ප්‍රෝසස් එකක් යන්න ඕනෙ. මනුස්සයෙක්ට යම් ඉස්පාසුවක් තියෙන්න ඕනෙ තමන්ට අසාධාරණයක් වෙනවා නම් ඒක කියාගන්න.

මං දැක්කා ඉන්දියාවෙ අග්‍රවිනිශ්චයකාරතුමා කියලා තියෙනවා නීතිය මීටර් 100 වගේ කරන්න හොඳ නෑ කියලා. නමුත් අපි වේගයෙන්, නතර කරපු නඩුවලට අවස්ථාව දීලා තියෙනවා කරන්න. ඔය බෑ කිව්ව රනිල් වික්‍රමසිංහත් රිමාන්ඩ් කළානෙ ලංකාවෙ මහේස්ත්‍රාත් විනිශ්චයකාරතුමියක්. අගවිනිසුරුතුමා නෙවෙයිනෙ රනිල් වික්‍රමසිංහ කියන බලවත් පුද්ගලයා, නීතියට උඩින් ඉන්නවා කියලා එයාත් හිතපු කෙනා රිමාන්ඩ් කළේ ? අපි හිතනවා අර්ජුන මහේන්ද්‍රන්, පාස්කු ප්‍රහාරයේ කට්ටිය, ඒ ඔක්කොටම අදාළව.

දැන් මම දැක්කා ඊයෙද කොහෙද මාධ්‍යවල තාජුඩීන් ඝාතනයට අදාළව දැන් අලුත්ම තොරතුරු ඇවිල්ලා තියෙනවා. එහෙම තමයි. මොකද මේ අපරාධ කරේ ගමේ සිරිපාල හරි, ඥානරත්නම් හරි නෙවෙයිනෙ. මේ අපරාධ කළේ රට පාලනය කරපු පාලකයෝ. ඒගොල්ලො මේ අපරාධ යටගැහුවා, වැහුවා.

අනික මේ අපරාධ ඊයෙ වෙච්ච ඒවා නෙවෙයි. තාජුඩීන් ඝාතනය 2012. පාස්කු ප්‍රහාරය 2019. මහබැංකු බැඳුම්කර වංචාව 2015. ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහිල්ලාත් මොකක්ද එතුමාගෙ කතාවෙ කිව්වෙ ? නීතිගරුක රටක් හදනවා කියලා. ඒ නිසා මාස 60කටනෙ පත්වෙලා තියෙන්නෙ. තාම මාස 12යි, තව 48ක් තියෙනවා. ඒ නිසා මං හිතන්නෙ ඔය 48න් බාගයක් යනකොට ඔය ඔක්කොමලා ඇතුළෙ ඉඳියි නීතිය අනුව.”

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *