රට මුහුණ දී ඇති අභියෝග ජයගන්න තීරණාත්මක ක්ෂේත්රවලට ඵලදායී ලෙස විසඳුම් සෙවීමට පර්යේෂකයන්, විද්වතුන්, වෘත්තිකයන් සහ ප්රවීණයන්ගේ සක්‍රිය දායකත්වය රජයට අවශ්‍ය බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය. RMIT, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා ඒකාබද්ධව සිදුකරන පර්යේෂණ වැඩසටහනේ නිල සමාරම්භක උත්සවයට එක්වෙමින් අගමැතිනිය මේ බව ප්‍රකාශ කළාය. විද්වතුන්ගේ සහ පර්යේෂකයන්ගේ ධාරිතාව ශක්තිමත් කිරීමට RMIT සමඟ ඇති මේ හවුල්කාරීත්වය වැදගත් බව අගමැතිනිය කීවාය.
මෙමඟින් ඔස්ට්‍රේලියාවේ RMIT විශ්වවිද්‍යාලය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) අතර ආචාර්ය උපාධි පුහුණුව ලබා ගන්නා සිසුන්ට විශේෂ අවස්ථාවක් නිර්මාණය කිරීම සිදුවන අතර, ශාස්ත්‍රීය පාඨකයන්ට දැනුම, පර්යේෂණ සහ නවෝත්පාදන අවස්ථා සලසමින් ශ්‍රී ලංකාවේ තරුණ විද්වතුන් පුහුණු කිරීම මෙහි අරමුණ වී ඇත. මේ වැඩසටහන පේරාදෙණිය, මොරටුව, රුහුණ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ එක්ව ක්‍රියාත්මක කරන අතර, මෙහිදී ශිෂ්‍යත්ව 30ක් ප්රදානය කෙරිණි. සාම්ප්‍රදායික ප්රවේශයන්ගෙන් ඔබ්බට ගොස් අන්තර් සහ බහුවිධ උපායමාර්ග අනුගමනය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අගමැතිනිය මේ අවස්ථාවෙන් උපරිම අවස්ථාව ලබාගනිමින් රට තිරසර සංවර්ධනයක් කරා මෙහෙයවීමට නායකත්වය ගන්නා ලෙස ශිෂ්‍යත්ව ලැබූ ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටියාය.
ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ වැඩ බලන මහ කොමසාරිස් ලලිතා කපූර්,විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගි වූහ.
නුවන් කොඩිකාර
Be First to Comment