Press "Enter" to skip to content

රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් කරන්න යන විශේෂ දේ මෙන්න

ඔක්තෝබර් 18 වන දින වන විට රියදුරු බලපත්‍ර හිඟය විසඳන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍ය රත්නායක මහතා රියදුරු බලපත්‍ර හිඟයක් සහ අර්බුදයක් ඇති බවයි පිළිගත්තේ.

“මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුදැනුමකින් තොරව එකම කණ්ඩායම වසර 28 කට ආසන්න කාලයක් රියදුරු බලපත්‍ර ව්‍යාපාරයේ නියැලී සිටී.

මේ නිසා මූල්‍ය අවභාවිතය සහ දූෂණය විශාල පරිමාණයෙන් සිදුවී ඇත. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවා හමුදාව යොදාගෙන මෙය විසඳීමට උත්සාහ කළ නමුත් එය තවමත් සාර්ථක වූයේ නැත. එබැවින්, මෙය නවතා නව ක්‍රමයක් හඳුන්වා දීමෙන් අපි මැදිහත් වුණා,” ඔහු පැවසීය.

 

More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *