Press "Enter" to skip to content

මහින්ද-මෛත්‍රී වෙඩි නොව­දින වාහන ඉල්ලති

හිටපු ජනා­ධි­ප­ති­ව­රුන් වන මහින්ද රාජ­පක්ෂ සහ මෛත්‍රී­පාල සිරි­සේන මහ­ත්ව­රුන් ඔවුන්ගේ ආර­ක්ෂිත වාහන යළි ඉල්ලා ඇති බවත්, ඒ ඉල්ලීම ආර­ක්ෂක සමා­ලෝ­චන කමි­ටු­වට යොමු කර එහි තීර­ණය මත නැවත එම වාහන දීමට කට­යුතු කරන බවත් මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු ඇමැති ආනන්ද විජේ­පාල මහතා පව­සයි.

ඇමැ­ති­ව­රයා මේ බව පැව­සුවේ අම්පාර, සයි­න්ද­ම­රුදු ප්‍රදේ­ශයේ පැවති උත්ස­ව­ය­කදී මාධ්‍ය­වේ­දීන් ඇසු ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඇමැ­ති­ව­රයා මෙලෙස ද කීවේය.

“මේ වෙන කොට විශ්‍රා­මික ජනා­ධි­ප­ති­ව­රුන්ගේ හිමි­කම් පනත යටතේ හිමි­කම් අහෝසි වුණා. එයට අම­ත­රව හිමි­කම් පනත යට­තට ගැනෙන්නේ ආර­ක්ෂාව සම්බන්ධ කාර­ණය. ආර­ක්ෂා­වට යම් බල­පෑ­මක් සිදු වෙනවා නම් ඒ ආර­ක්ෂිත වාහන නැවත භාර­දී­මට හැකි­යා­වක් තිබෙ­නවා.

ඒ අනුව මේ වන විට හිටපු ජනා­ධි­ප­ති­ව­රුන් වන මහින්ද රාජ­පක්ෂ සහ මෛත්‍රී­පාල සිරි­සේන මහ­ත්ව­රුන් ඔවුන්ගේ වාහන සම්බ­න්ධ­යෙන් නැවත ඉල්ලී­මක් කර තිබෙ­නවා. ඒ ඉල්ලීම අපි මේ වන විට මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය යටතේ තිබෙන ආර­ක්ෂණ සමා­ලෝ­චන කමි­ටු­වට ඉදි­රි­පත් කර තිබෙ­නවා. ලැබෙන තීන්දුව අනුව එම වාහන නැවත දෙන්න කට­යුතු කර­නවා.”

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *