ශ්‍රී ලංකාව ගෝලීය නෞකා ක්ෂේත්‍රයේ අවධානය දිනාගනිමින්, Boat Show 2026 – දකුණු ආසියාවේ ප්‍රමුඛතම බෝට්ටු ප්‍රදර්ශනය 2026 ජනවාරි 30 සිට පෙබරවාරි 1 දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කෙරේ.
මෙම ප්‍රදර්ශනය Port City Colombo හි දී ප.ව. 3.00 සිට රාත්‍රී 10.00 දක්වා පැවැත්වේ. මෙය ඉතිහාසයේදී අති විශාලතම හා නවීනතම තාක්ෂණයෙන් සමන්විත ප්‍රදර්ශනයක් ලෙස සැලකේ.
Sri Lanka Chamber of Marine Industries සහ CDC Events (Pvt) Ltd එක්ව මෙය සංවිධානය කරනු ලැබේ.
කාර්මික, විදේශ කටයුතු, රැකියා සහ සංචාරක අමාත්‍යාංශයන් හා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) මේ සඳහා අනුග්‍රහය ලබා දී ඇත.
මෙම ශක්තිමත් සහයෝගය ශ්‍රී ලංකාව නෞකා, යාත්‍රා, බෝට්ටු සංචාරක ක්ෂේත්‍රය සහ නෞකා/නාවික නිෂ්පාදන කර්මාන්තය සඳහා කලාපීය මධ්‍යස්ථානයක් බවට පත් කිරීම මනාව පිළිඹිබු කරයි.
2008 දී ආරම්භ වූ මෙම Boat & Marine Show එක, කුඩා ප්‍රදර්ශනයකින් ආරම්භ වී අද දක්වා දකුණු ආසියාවේ විශාලතම නෞකා ප්‍රදර්ශනයක් ලෙස හැඩගැස්සී ඇත.
2008, 2010, 2012, 2014, 2016, 2018 සහ 2023 දී පැවැත්වුණු මෙම ප්‍රදර්ශනය, 2026 වසරේදී අති දැවැන්හාත අයුරින් නවීන තාක්ෂණය එක්කරගනිමින් පැවැත්වීමට නියමිතය.
ඉන්දියාව, සිංගප්පූරුව, මාලදිවයින, දකුණු කොරියාව, බෙල්ජියම, ජර්මනිය, නෙදර්ලන්තය, එක්සත් රාජධානිය, සීෂෙල්ස් සහ මධ්‍ය ප්‍රාන්තය වෙතින් නියෝජිතයින් මේ සඳහා රැසක් සහභාගී වනු ඇත.
ශ්‍රී ලංකා ප්‍රදර්ශකයින්ට ජාත්‍යන්තර ගැණුම්හාකරුවන් හා තීරණාත්මක පුද්ගලයන් හමුවීමට මේ මඟින් අවස්ථාව උදාවන ගෝලීය වේදිකාවකි.
මෙම ප්‍රදර්ශනය අපනයන, ආයෝජන හා සංචාරක ප්‍රවර්ධනය සඳහා ප්‍රමුඛත්වය ඉස්මතු අයුරින් පැවැත්වීමට උත්සාහ කරන අතර සාගර ජීවන රටා සහ සංස්කෘතිය හා බැඳුණු විනෝදය පිරි නවමු අත්දැකීමක් බවට පත්වනු නොඅනුමානය.
Be First to Comment