Press "Enter" to skip to content

NIBM සරසවි සිසු දක්ෂතා එළිදැක්වීමට REACH 2025 අඛන්ඩව තුන්වන වරටත්

ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය (NIBM) නිරන්තර පරිපූර්ණ අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින් අඛණ්ඩව තුන්වන වරටත් REACH 2025, NIBM විද්‍යාර්ථයින්ගේ අධ්‍යාපන හැකියා මෙන්ම ඔවුන්ගේ විවිධ වූ නිර්මාණාත්මක කුසලතා එළිදැක්වීමට සංවිධානය කරනු ලබයි.

පුහුණු සැසි සහ තරඟ වට කිහිපයකින් අනතුරුව NIBM කාර්යය මණ්ඩලය, විද්‍යාර්ථයින් මෙන්ම කීර්තිමත් ආරාධිතයින් රැසකගෙන් සමන්විත දර්ශනීය අවසන් මහා තරඟයකින් REACH 2025 සමාප්ත කිරීමට නියමිතය. 2025 ඔක්තෝබර් 15 සහ 17 යන දෙදින පුරා තරඟකරුවන් තෝරා ගැනීමේ පළමු වටය පවත්වන ලදී. කොළඹ 7, රාජගිරිය, කිරුළපන, මහනුවර, පේරාදෙණිය, කුරුණෑගල, ගාල්ල සහ මාතර යන සියලුම NIBM විශ්වවිද්‍යාල නියෝජනය කරමින් මේ සදහා සිසුන් සහභාගී විය. REACH 2025 වැඩසටහන් මාළාවේ ගරු විනිසුරු මඩුල්ල ලෙස, අශාන්ති ද අල්විස්, දුෂ්‍යන්ත් වීරමන් සහ මිහිදු ආරියරත්න යන මහත්ම මහත්මීහු කටයුතු කරනු ලබයි. විනිශ්චය මෙන්ම ඔවුන්ගේ අත්දැකීම් හුවමාර කර ගනිමින් තරඟකරුවන් වෙත හරවත් උපදේශනයන් ලබා දීමට මෙම විනිසුරුවන් සූදානමින් සිටියි.

ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී. එම්. ඒ. කුලසූරිය මහතා මාධ්‍ය හමුවේ පවසා සිටියේ, “අපගේ ප්‍රතිඵල පාදක ඉගෙනුම් ක්‍රමවේද හරහා පන්ති කාමරය මෙන්ම ඉන් පිටතදී ද සිසුන්ගේ හැකියා හා දක්ෂතාවයන් හදුනාගෙන ඒවා වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය වටපිටාව සකසා දීමට නිරන්තරයෙන් අප කටයුතු කරනවා. REACH හරහා සිසුන් අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ කණ්ඩායම් හැගීම් ඇති කිරීමට අපට හැකියාව ලැබී ඇත. සිසුන්ගේ දක්ෂතාවයන් පිළිබදව අප ආඩම්බර වන අතර REACH 2025 තුළින් මීටත් වඩා දක්ෂයින් පිරිසක් සොයා ගැනීමට අප බලාපොරොත්තු වේ. ”

අතිසාර්ථක ලෙස පෙර වසර ද්විත්වයෙහි දීම පවත්වන ලද REACH දිවයින පුරා විසිරී සිටින NIBM විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින් වෙනුවෙන් ඔවුන්ගේ කුසලතා හදුනාගැනීමට සහ ඉදිරිපත් කිරීමට දිරිගන්වනු ලබන වේදිකාවක් ලෙස ක්‍රියාත්මක වේ. පළපුරුදු වෘත්තීයවේදීන්ගේ අධීක්ෂණයෙන් ගායන සහ නර්තන වැඩමුළු පැවැත්වෙන අතර එමගින් විද්‍යාර්ථයින්ගේ දක්ෂතා නිවැරදිව වැඩිදියුණු කර ගැනීමේ හැකියාව ඔවුන්ට හිමිවේ.

57වන සංවත්සරය සමරන ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය (NIBM) වර්ෂ 1968 දී ආරම්භ කරන ලදී. අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාශය යටතේ ක්‍රියාත්මක වන NIBM විශ්වවිද්‍යාලය තුළින් පූර්ණ සේවා නියුක්ති ශක්‍යතාවයෙන් යුතු උපාධිධාරීන් බිහි කරනු ලබයි. ISO – 9001-2008 ප්‍රමිති සහතිකය හිමි NIBM විශ්වවිද්‍යාලය ජාත්‍යන්තරව සහ UGC පිළිගත් උපාධි ප්‍රදානය කරන ආයතනයකි.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *