Press "Enter" to skip to content

ජනතාවට සුබ ආරංචියක්.. අඩු මිලට ඖෂධ

ජනතාවට අඩු මිලට ඖෂධ සැපයීමට නව පනත් සංශෝධනය මගින් බලාපොරොත්තු වන බව කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර සඳහන් කරයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ අංක 244/34 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝගය පිළිබඳ විවාදය අරඹමින් කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මේ බව සඳහන් කරයි.

කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර සඳහන් කළේ,

“සියලු ඖෂධ හා සුවඳ විලවුන් සම්බන්ධව තිබෙන පනත මේක. මේ පනත 2015 සිට බලාත්මක වුණා. පහුගිය කාලය ඇතුළත රටේ ජන සමාජයට ඖෂධ සපයා ගැනීම සම්බන්ධව ගැටලු රැසක් තිබුණා.

තමන්ගේ රෝගාබාධ වලට අවශ්‍ය ඖෂධ නිසි කලට සපයා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. ඖෂධ සැපයුම් සියලු නියාමනයන්ට අදාළ ආයතනය වන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියයි.

සමස්ත සෞඛ්‍ය සැපයුම් ජාලය ගත්විට වෛද්‍ය සැපයුම් අංශය, රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ ඖෂධ නීතිගත සංස්ථාව වැනි ආයතන ගණනාවක් ඖෂධ සැපයුම් ක්‍රියාවලිය සමඟ ගැට ගැසී තිබෙනවා.

විශේෂයෙන් ලංකාවට ආනයනය කරන ඖෂධ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය කරන්නේ මේ ආයතනයෙන්. මේ ක්‍රියාවලියට දළ වශයෙන් මාස 10ක කාලයක් යනවා.”

“අපි බලාපොරොත්තු වෙනවා ජන සමාජයට, විශේෂයෙන් රෝහල් පද්ධතියට, අනෙකුත් පෞද්ගලික අංශය ඇතුළු සමස්ත ජාලයටම උපරිම මිලක් නියම කිරීම හරහා අඩු මිලට සපයා ගතහැකි ලෙසට ඖෂධ උපරිම ප්‍රමාණයෙන් සපයන්න අපි බලාපොරොත්තු වෙනවා, මේ පනත් සංශෝධනය හරහා.”

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *