ශ්‍රී ලංකාවේ කීර්තිමත් ජීවිත රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් රක්ෂණ සමගම විසින් මෙවර ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් ‘සණස හීන ලන්තය’ සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි. මෙරට ජනාදරය දිනා සිටින රංවල බලකාය සමඟ එක් ව ‘ළmore’ යන තේමාව යටතේ පර්ල් බේ පරිශ්‍රයේ දී දියත් කෙරුණු මෙම ළමා දින වැඩසටහන චිත්‍ර ඇඳීම, චිත්‍රපට නැරඹීම, ගී ගැයීම මෙන් ම නවතම තාක්ෂණික අත්දැකීම් ලබා ගැනීම ආදී වශයෙන් ළමා මනස පිනවන ක්‍රියාකාරකම් රාශියකින් සමන්විත විය.
දරුවන්ගේ අයිතිවාසිකම්, ආරක්ෂාව සහ සුබසාධනය පිළිබඳ ව ලෝක වාසී සියලු දෙනාට සිහිපත් කරවන ඉතා වැදගත් දිනයක් වන ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් වාර්ෂික ව විවිධ වැඩසටහන් සංවිධානය කරන සණස ලයිෆ් රක්ෂණ සමාගම, මෙරට දරු පරපුර බල ගැන්වීම වෙනුවෙන් ද සුවිශේෂී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි.
ශ්‍රී ලාංකේය ජනතාව බල ගැන්වීම වෙනුවෙන් විවිධ සමාජ සත්කාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කරන සණස ලයිෆ් රක්ෂණ සමාගම, ළමා පරපුර වෙත විශේෂ අවධානය යොමු කරමින් වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර, එහි දී අනාගත පරපුර බල ගැන්වීම අරමුණු කරමින් අධ්‍යාපන අවස්ථා ප්‍රවර්ධනය කිරීම, වෘත්තීය දියුණුව සහ පෞද්ගලික සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා අවස්ථා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන බව ද පැවසිය යුතු ම කරුණකි. සණස ලයිෆ් රක්ෂණ සමාගම ළමා පරපුර වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කර ඇති විවිධ අධ්‍යාපන හා ජීවිත රක්ෂණ සැලසුම් හඳුන්වා දී ඇති අතර, ‘සෙනෙහස’ ළමා රක්ෂණාවරණය ඒ අතරින් විශේෂිත වේ. ඊට අමතර ව සුරක්ෂිත හා නිරෝගී දරු පරපුරක් බිහි කිරීම ඉලක්ක කර ගනිමින් සණස ලයිෆ් රක්ෂණ සමාගම දියත් කරන ‘කිරිකැටි සිහින’ නමින් ගර්භණී මව්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහන සහ පහ වසර ශිෂ්‍යත්වය ඉලක්ක කර ගත් ‘සණස ලයිෆ් සෙනෙහසේ පහේ හපන්නු’ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව පිළිබඳ ව ද විශේෂයෙන් සඳහන් කළ යුතු ය.
මේ පිළිබඳ ව අදහස් දක්වමින් සණස ලයිෆ් රක්ෂණ සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී මහේෂ් වික්‍රමතුංග මහතා ප්‍රකාශ කළේ, “සණස ලයිෆ් රක්ෂණ සමාගම අධ්‍යාපනය යන තේමාව යටතේ සමාජ සත්කාරක වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනවා. මේ හරහා නැණවත් අනාගත පරපුරක් ශ්‍රී ලාංකේය ජාතියට දායාද කිරීම අපගේ අරමුණයි. මේ නිසා ම දරු දැරියන් අධ්‍යාපනික වශයෙන් වගේ ම සාමාජීය වශයෙන් බල ගැන්වීම වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඊට සමගාමී ව මෙවර ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් සණස ලයිෆ් සමාගම රංවල බලකාය සමඟ එක් ව දියත් කළ ‘සණස හීන ලන්තය’ ලෝක ළමා දින වැඩසටහන, අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට අපි කටයුතු කළා. මෙවර වැඩසටහන දරු දැරියන්ගේ ආකර්ෂණය දිනා ගත් සුවිශේෂී වැඩසටහනක් වූ බව පැවසිය යුතු ම යි. සාම්ප්‍රදායිකත්වය ඉක්මවූ රක්ෂණ සමාගමක් විදියට සණස ලයිෆ් රක්ෂණ සමාගම ජීවිත අවදානමට ආවරණය ලබා දීමෙන් ඔබ්බට යමින් සාමාජීය වගකීම් ඉටු කිරීමට සහ දරුවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කිරීමට නිරන්තරයෙන් කැප වෙනවා. ඒ වගේ ම අනාගතයේ දීත් මේ රටේ දරු දැරියන් වෙනුවෙන් ආරක්ෂිත වගේ ම නිරවුල් අනාගතයක් නිර්මාණය කර දීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කටයුතු කරන බව අවධාරණය කිරීමට කැමතියි.” යනුවෙනි.
ලෝක ළමා දිනය යනු හුදෙක් සැමරීමක් පමණක් නොවන බවත්, එය සමස්ත දරු පරපුරට ආදරය, රැකවරණය සහ ශක්තිය ලබා දිය යුතු බව අපට සිහිපත් කර දෙන සුවිශේෂී දිනයක් බවත් සිහිපත් කරන සණස ලයිෆ් රක්ෂණ සමාගම, මෙරට දරු දැරියන් බල ගැන්වීම වෙනුවෙන් සෑම දිනක ම කැප වන බව අවධාරණය කරයි. එමෙන් ම දරුවන් වෙනුවෙන් ආරක්ෂිත අනාගතයක් ගොඩනගන සමාගමක් ලෙස සණස ලයිෆ් රක්ෂණ සමාගම විශ්වාස කරන්නේ රක්ෂණය යනු ගිවිසුමක් පමණක් නොවන බවත්, ජීවිත ගමනේ අනාගත ආරක්ෂාව සලසන විශ්වසනීය මිතුරෙකු බවත් ය.
Be First to Comment